එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන්ගේ ද සහාය ඇතිව නිවිතිගල ප්‍රදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 23 කින් සම්මත විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත. සභාපති කුලතුංග ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (22දා) පැවති රැස්වීමේ දී අයවැය මෙසේ සම්මත විය.
සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාව විපක්‍ෂ නායක එක්සත් ජාතික පක්‍ෂයේ සභිත පියසේන පොල්වත්ත මහතා ස්ථිර කළේය. ඒ අනුව පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 14 ක් විපක්‍ෂයේ එක්සත් ජාතික පක්‍ෂයේ 07ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙදෙනාද අයවැයට පක්‍ෂව ඡන්දය දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණේ එකම සභික ආර්.ඒ.වසන්ත මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...