එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය මේ වන විට උග්‍ර අතට හැරී ඇතැයි වාර්තා වේ.
පක්ෂ අභ්‍යන්තරයෙන් ලැබෙන තොරතුරුවලට අනුව, එජාප නායකත්වය බාර ගැනීම සඳහා කිහිප දෙනෙකුම සූදානම්ව සිටින බව දැන ගන්නට ලැබේ.
සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් වත්මන් නායකත්වයේ දැඩි අප්‍රසාදය හේතුවෙන් එජාපයට පසුකාලීනව පිටින් එකතු වූ පිරිසක් විසින් පක්ෂ නායකත්වය ඩැහැ ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
අදාළ පක්ෂ නායකත්වය ලබා ගැනීමේ උත්සාහයේ යෙදී සිටින්නන් අතර පාඨලී චම්පික රණවක හා සරත් ෆොන්සේකා ද වන බව ද සඳහන්.
රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතුන් බව පෙන්වා දෙමින් චම්පික රණවක හා සරත් ෆොන්සේකා එජාප වත්මන් නායකත්වයේ ආශිර්වාදයෙන් පක්ෂ නායකත්වයට පත්වීම සඳහා සිහින දකිමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එහෙත් එජාපයේ නායකත්වය සඳහා නියම උරුමකම පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතාට වන බැවින් පිටස්තරයින්ට අදාළ අවස්ථාව ලබාදීමට කිසිසේත්ම ඉඩ නොතබන බව පසුපෙළ කණ්ඩායම් ප්‍රකාශ කරයි.
කෙසේවුවද සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරලීම සඳහා අදාළ පාර්ශ්වයන් විසින් මාධ්‍ය මෙහෙයුමක්ද දියත් කර ඇති බව ද වාර්තා වේ.
මේවන විටත් මාධ්‍ය ආයතන කිහිපයකට අනුග්‍රාහකත්වය දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර ආරෝවක් ඇති කරමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කර දෙන ලෙසයි.
ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයෙන් ඉවත් වී වෙනත් පක්ෂයක් ගොඩනැගීමට යන බවට රාවයක් ගෙන යන ලෙස ද අදාළ මාධ්‍ය ආයතනවලට උපදෙස් ලැබී තිබෙන බව ද වාර්තා වේ.
anduwa.lk
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...