පුරවැසි කොලම

රට හදන මැදගොඩ හිමි කියන මග

November 24, 2019 7:25 am | Lanka Lead News

අප රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ තවත් ඓතිහාසික සිදුවීමක්‌ පෙරේදා වාර්තා විය. ඒ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මල්ලී ඉදිරියේ අගමැති මහින්ද රාජපක්‍ෂ අයියා දිවුරුම් දීමයි. එකම පක්‍ෂයක දෙදෙනෙක්‌ මේ රටේ විධායක ජනපති ධුරයට හා අගමැති ධුරය දරා ඇතත් සහෝදරයන් දෙදෙනකු රටේ විධායක හා ව්‍යවස්‌ථාදායකයේ වගකීම් භාරගනු ලැබුයේ ප්‍රථම වරටය.

මෙම සහෝදර දෙපළගේ දෙවුරු මත විශාල වගකීමක්‌ පැවරී තිබේ. එම වගකීම් වනුයේ ආර්ථික අතින් ආරක්‍ෂාව අතින් පිරිහී ඇති රට නැවත හරි පීල්ලට ගැනීමයි. එය කළ හැකි කාර්යයක්‌ බව අප රටේ බහුතර ජනතාවගේ විශ්වාසයයි.

පසුගිය කාලයේ පැවැති යහපාලන රජය පිරිහීමට පත් ප්‍රධාන හේතුවක්‌ වූයේ විධායකය හා ව්‍යවස්‌ථාදායකයේ බලය කඳවුරු දෙකක තිබීමයි.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසන් වරට ජාතිය ඇමතූ අවස්‌ථාවේදී පවා මේ බව පිළිගත්තේය. ප්‍රතිපත්ති කාරණා මත තමන් අගමැතිවරයා සමග ගැටුණු බව හිටපු ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්‌ථාවේදී වැඩිදුරටත් කියා සිටියේය. නමුත් අද එවැනි ගැටුමක්‌ නැත. දෙදෙනාම එකම පක්‍ෂයකින් එකම ප්‍රතිපත්තිය දිනවීමට කැපවූවෝය. එනිසා ශක්‌තිමත් දේශපාලන පසුබිමක්‌ මත ඇදවැටුණු රට ගොඩනැගීමේ උත්තුංග කාර්යයට එකම පවුලේ සහෝදරයන් දෙදෙනකුට කැපවීමේ අවස්‌ථාව ඓතිහාසික වශයෙන් උරුම කර දී ඇත.

ජනපති කාර්ය මණ්‌ඩලය අඩු කිරීම, රාජ්‍ය ආයතනවල දේශපාලනඥයන්ගේ රූප නොගසා රාජ්‍ය ලාංඡනය පමණක්‌ ප්‍රදර්ශනය කිරීම, නිලධාරීන්ගේ විදේශ සංචාර තහනම් සීමා කිරීම යනාදී තීරණ නව ජනපතිවරයා විසින් ඉටුකිරීමත් සමග රටේ ඇතිවූ අලුත් දේශපාලන සංස්‌කෘතිය දෙස රටේ ජනතාව නැවුම් බලාපොරොත්තු දල්වාගෙන සිටිති.

ජනතාවගේ මෙම අපේක්‌ෂා මල්ඵල ගැන්වීම සඳහා සෙසු දේශපාලනඥයෝ ද ජනාධිපතිවරයාට ශක්‌තියක්‌ විය යුතුය. තමන් ගැන නොව රට ගැන සිතා ධෛර්ය සම්පන්නව මෙම අවස්‌ථාවට මුහුණ දීමට සෑම අයෙක්‌ම අදිටන් කරගත යුතුය.

නව අගමැතිවරයා ලෙස යළිත් වරක්‌ මහින්ද රාජපක්‌ෂ මහතා දිවුරුම් දුන් අවස්‌ථාවේදී මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන් කළ කතාව ඉතා අගනේ ය. එය දේශපාලනඥයන් ආදර්ශයට ගන්නේ නම් හෙට අප රටට යහපත් කාලයක්‌ උදාවනු ඇත. එහි දී උන්වහන්සේ අවධාරණය කරනු ලැබුවේ පටු පෞද්ගලික අරමුණු පසෙකලා ජනතාව වෙනුවෙන් සේවය කිරීමට දේශපාලනඥයෝ සූදානම් විය යුතු බවයි.

zzහැමදෙනාම බලාපොරොත්තු වන පරිදි ඇමැතිකම් ලැබෙන එකක්‌ නැහැ. ආයතනවල කාර්ය මණ්‌ඩල අලුත් වීම නිසා සමහරුන්ට බලාපොරොත්තු වුණ දේවල් නොලැබෙන්න පුළුවන්. භික්‌ෂූන් විදිහට අපිට පෞද්ගලික අරමුණක්‌ නැහැ. මේ රජයෙන් අපට කිසිම දෙයක්‌ අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය මේ රට සුරක්‍ෂිත කිරීමයි. සෑම අයකුම මේ අවුරුදු දහයක්‌ පහළොවක්‌

කැපකිරීම් කළ යුතු වෙනවා. එසේ කැප කිරීම් කරලා සාධාරණ විනයගරුක රටක්‌ හදමු. තවත් පරම්පරාවකට මේ රට හදන්න ඉඩ තබන්න එපා.

සත්‍ය වශයෙන්ම උන්වහන්සේගේ අනුශාසනා අනුව මේ රටේ සිටිය යුත්තේ මහත්මා දේශපාලනයට ගරු කරන අය මිසක්‌ බඩගෝස්‌තරවාදීන් නොවිය යුතුය. සැබෑ මහජන නියෝජිතයන් ලෙස ජනතාවට සේවය කොට තෘප්තිමත් වීමට දේශපාලනඥයෝ නිහතමානි විය යුතුය. ඉහළින් ලැබෙන පූර්වාදර්ශය අනුව මේ රටට සේවය කිරීමට ඇමැතිකම නොව මන්ත්‍රීකම වුවද ප්‍රමාණවත්ය. මෙම යථාර්ථය තේරුම් ගැනීමට අප රටේ දේශපාලනඥයන්ට නැණ නුවණ පහල වුණොත් අප රටේ හෙට දවස සුබ වනු ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More