පාර්ලිමේන්තු මහ මැතිවරණයට කලින් පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු නැති අතර එයට කලින් පවත්වන මහ මැතිවරණයකින් තුනෙන් දෙකක ජනවරමක් ලබා ආණ්ඩුව අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධනය සමඟ පළාත් සභා ක්‍රමයට හේතුවූ දහතුන්වන සංශෝධනය අහෝසි කිරීම වෙනුවෙන් කැපවිය යතු බව හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි.
පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමත් සමග පහල ඒකකය වන පළාත් පාලන ආයතන වලට බලය තවදුරටත් විමධ්‍යගත කළ හැකි අතර නගර සභා, සුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා බලගැන්වීමෙන් පොදු ජනතාවට සමීප එදිනෙදා ගැටලු හමුවේ පුළුල් සේවයක් කළ හැකි බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙයි.
ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් වශයෙන් 1987 වසරේදී පළාත් සභා ක්‍රමය ඇති කළේය. එය අතිශය අකාර්යක්ෂම විශාල වියදමක් දරන ව්‍යුහයක් බව සනාථ වීතිබේ. උත්තර මන්ත්‍රී මණ්ඩලයක් වැනි ක්‍රමයකින් ජාතික ආගමික හෝ ප්‍රාදේශීය බෙදීම් සම්බන්ධ ගැටලුවලට පිළිතුරු සොයා ගත හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...