දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් ලැබූ ප්‍රතිඵල සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානය කිරීම සඳහා වැඩබලන නායකත්වය කරු ජයසූරියට ලබාදීමට එම පක්ෂය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී නායකත්වයෙන් ඉවත් වීමට පෙර මෙම පූර්ණ ප්‍රතිසංවිධානය සිදු කෙරෙයි.

පක්ෂයේ තනතුරුවලින් ඉවත්වන බවට මාධ්‍යයට ප්‍රකාශ කළ කිසිවකුටවත් යළි තනතුරු ලබා නොදීමට එහිදී සැලසුම් කර ඇත.

ඒ අනුව පක්ෂයේ සභාපති කබීර් හෂීම්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන අය පක්ෂයේ තනතුරුවලින් ඉවත්වනබව මාධ්‍යයට පැවසීය.

නව නායකත්වයත් යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බව රනිල් වික්‍රමසිංහගේ අදහස වී ඇති අතර, එහිදී පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායකටද වගකීම් පැවරෙන තනතුරක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More