පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මස මුලදී විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස අගදී හෝ මැයි මස මුලදී පැවත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 ක් වන අතර ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව එය විසුරුවා හැරිය හැක්කේ වසර හතරහමාරකින් පසුවය.
2015 වසරේ අගෝස්තු 17 වන දා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තේරී පත්වූ වර්තමාන පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අගෝස්තු දක්වා පවතී. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් සම්පූර්ණ වූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තු මහ මැතිවරණයකට අවශ්‍ය පසුබිම සැකසිය හැකිය.
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවරදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ කඩිනමින් ම පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...