ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රථම මැතිවරණ පොරොන්දුව ඉටුකරමින් අනවශ්‍ය භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනය සති අන්තයේ නිකුත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට ගොවි ජනතාව පීඩාවට පත් කරමින් ගම්මිරිස්, ඉඟුරු, කහ, සියඹලා ආදී ආහාර ද්‍රව්‍යයත් හඳුන්කූරු වැනි වෙළෙඳ භාණ්ඩත් ආනයනය තහනම් කිරීමේ ගැසට් පත්‍රයට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.
එම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පොදු ජනතාවට සහන මිලට භාණ්ඩ වර්ග 10ක් ලබාදීමට අදාළ ගැසට් නිවේදනයද වැට් බද්ද අඩු කිරීම, ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීම, උපයනවිට ගෙවීමේ බද්ද අහෝසි කිරීම හා ආදායම් බදු අඩු කිරීමට අදාළ ගැසට් නිවේදන කඩිනමින් නිකුත් කෙරේ.
මෙම ගැසට් නිවේදන නිකුත් කිරීමට පෙර ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒවා අනුමත කරගැනීම සිදුකරනු ඇත.
Deshaya
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...