පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය 11 හැවිරිදි දරුවා වෙනුවෙන් වන්දි ගෙවන ලෙසට ඉල්ලා ඇමරිකානු පුරවැසිභාවය හොබවන දෙමාපියන් දෙපලක් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ඇත.
ඇලෙක්සැන්ඩර් ඇරොව් සහ ඔහුගේ බිරිඳ මෙම පෙත්සම ගොනු කරමින් පවසා සිටින්නේ බලධාරීන්ගේ නොසැලකිලිමත් කමින් සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් තම මියගිය පුතණුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.
පසුගිය අප්‍රේල් මස 21 දා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලය තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් උදෑසන ආහාරය ගනිමින් සිටි තම පුතා මියගිය බව පෙත්සම්කරුවන් පවසා සිටියි .
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, වැඩබලන පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...