දේශීය පුවත්

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල අද (22) නිකුත් විය.

ඉකුත් මැයි 28 සිට ඔක්තෝබර් 08 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මෙම විභාගයට ශ්‍රී ලාංකිකයන් 3319 දෙනෙක් පෙනී සිටි අතර එයින් 2411 ක් සමත් වී තිබේ.

එම ප‍්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බව එම කාර්යංශය කියයි.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබු‍ණේ මෙම විභාගයේ ප‍්‍රතිඵල මේ මස 29 වැනිදා ලබා දෙන බවත් නමුත් එම ආයතනය විසින් අදාළ දිනට පෙර ප‍්‍රතිඵල ලබාදීමට කටයුතු කර ඇතැයි කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර පවතින ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව මෙම විභාගය පවත්වා සුදුස්සන් තෝරා නිෂ්පාදන, ඉදිකිරීම් හා ධිවර යන කේෂ්ත‍්‍ර සඳහා කොරියාවේ රැකියා වලට යවනු ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More