දේශීය පුවත්

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන හදිසි කැඳවීමක් ලැබී තිබේ. වාර්තා වන පරිදි නගරාධිපතිනියට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් විමසීම සඳහා එම කැඳවීම කර ඇත.

කොළඹ මහ නගර සභාව තුළ දිනෙන් දින ඉහළ යන අකාර්යක්ෂම පාලනය සම්බන්ධයෙන් ඇයට එරෙහිව ජනාධිපතිවරයා වෙත පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව සඳහන්.

නගාරධිපතිනිය ලෙස සිය ධූරයේ රාජකාරී පසෙක තබා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙමින් සිටින අතර මහ නගර සභාවේ වගකීම හරි හැටි ඇගෙන් ඉටු නොවන බවටයි සේනානායක මහත්මියට එරෙහිව පැමිණිලි ලැබී ඇත්තේ.

නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු කඩිමුඩියේ වැඩකිරීමට පටන් ගෙන තිබුණද එයත්  නගරයේ කැලි කසළ ඉවත් කිරීම  වැනි බාහිරින් පෙනෙන කටයුතුවලට සීමා වී ඇති බවද වාර්තා වෙයි.

පසුගිය කාලය පුරාම ඇගේ පරිපාලනය අතිශයින් දුර්වල බව ද සඳහන්.

කෙසේවෙතත් ඉදිරියේදී එම කටයුතු නිවැරදි නොවුණහොත් කොළඹ මහ නගර සභාවේ කටයුතු විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා විය.

lanka news web



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More