මුහුණු පොතෙන්

ජාතික රාජ්‍යයන් යටපත් කරමින් ලොවපුරා බලය පතුරවමින් සිටින බටහිරින් නැගී ආ ගෝලීය උපරි රාජ්‍යයට එරෙහි පෙරදිග බලවත්ම බලවේගය චීනය හදුන්වා දුන් චීනය හා සේද මාවත හෙවත් වන් බෙල්ට් වන් රෝඞ් සංකල්පය බව විද්වතුන් පෙන්වා දෙයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශී‍්‍රපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවටද ගෝලීය උපරි රාජ්‍යය හෝ චීනය හා සේද මාවත යන මෙම බලකදවුරු දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවන බවය.

‘‘පාර ජාතික සමාගම් හා බහුජාතික සමාගම්ද ඒකාබද්ධව කි‍්‍රයාත්මක වන ව්‍යුහයක් තිබෙනවා. ගෝලීය උපරි රාජ්‍ය ලෙස සැලකිය හැක්කේ එයයි. ඉතා ප‍්‍රහාරාත්මක ලෙස මෙම ගෝලීය උපරි රාජ්‍යය ලෝකය පුරාම ව්‍යාප්ත වනවා. ඒ, ජාතික රාජ්‍යයන්ගේ ඇති ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනය සහ මානව සම්පත් වැනි සියළු භාවිතයන් ද කුඩුපට්ටම් කර දමමින්.

පසුගිය වසර 5 තුළ ශී‍්‍ර ලංකාවේද සිදුවූයේ එයයි. රටේ අවශ්‍යතා නොවන විවිධ ගිවිසුම්වලට එළඹීම සහ රට ඉල්ලා නොසිටින ව්‍යවස්ථා හෝ නීති ප‍්‍රතිසංස්කරණ ඊට උදාහරණ වනවා. බටහිර අතපෙවීම් ලෙස ඇතමුන් හදුන්වන්නේද මෙයයි.

මෙම අභියෝග මුහුණදීම සදහා පෙරදිගින් මතුවී ඇති ප‍්‍රවණතාව – වන් බෙල්ට් වන් රෝඞ් හෙවත් චීනය හා සේද මාවතයි. මෙම දැවැන්ත ව්‍යාපාරය බටහිරින් නැගී ආ උපරි රාජ්‍ය ව්‍යුහයට ඇති හොදම විකල්පයද වනවා.

මෙමගින් ගෝලීය බල තුලනයක්ද ඇතිකර තිබෙනවා. මෙහිදී ශී‍්‍ර ලංකාවටද මධ්‍යස්ථව සිටිය නොහැකියි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බලවත්ව තිබෙන බලකදවුරු දෙකෙන් එකක් තෝරා ගැනීමට ශී‍්‍ර ලංකාවට සිදුවනවා.’’

ශී‍්‍ර ලංකාව වන් බෙල්ට් වන් රෝඞ් හෙවත් චීනය සහ සේද මාවත සමග ඉදිරියට යාම තෝරාගත හොත් එමගින් ශී‍්‍ර ලාංකේය අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් ගෝලීය වශයෙන් නැගී සිටීම වඩා පහසු වන බවද මෙහිදී විස්තර කෙරුණා.

‘‘ වන් බෙල්ට් වන් රෝඞ් හෙවත් චීනය සහ සේද මාවත සමග ඉදිරියට ගියහොත් ශී‍්‍ර ලංකාවට වැඩි ආරක්‍ෂාවක් ලැබෙන බව මගේ විශ්වාසයයි. ආර්ථික ආරක්‍ෂාව, සංස්කෘතික ආරක්‍ෂාව, දේශපාලන ආරක්‍ෂාව ද ඊට ඇතුළත්. මෙය දීර්ඝව සාකච්ඡා කළයුතු මාතෘකාවක් වනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More