පුරවැසි කොලම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර දේශපාලනඥයකු නොවන පුද්ගලයකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරකු වන ඔහු තිස් අවුරුදු සිවිල් යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ප්‍රමුඛ දායකත්වයක් සැපයීය.

හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ දන්දිනා සමරසිංහ මවුපියන්ට දාව නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 1949 ජූනි 20 වැනිදා මාතර, පාලටුවේදී සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක උපත ලැබීය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා 1971 අප්‍රේල් මාසයේ දී ආධුනික නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. 1972 දී උප ලුතිනන්වරයකු ලෙස රාජකාරි ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, ගජබා යන රෙජිමේන්තුවලට අනුයුක්තව සේවය කර ඇත.

1992 දී ලුතිනන් කර්නල් නිලයට උසස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඞ් හා ත්‍රිවිධ බලය’ යන හමුදා ක්‍රියාන්විතවලට සහභාගී වී ඇත.

මවුබිමට ඉටුකළ සේවය වෙනුවෙන් ඔහු රණ වික්‍රම හා රණ ශූර පදක්කම්වලින් පිදුම් ලබා තිබේ.

1992දී ස්වකැමැත්තෙන් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එරට පුරවැසිභාවය ලබාගත්තේය.අයෝමා රාජපක්ෂ මහත්මිය සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඔහු එක්දරු පියෙකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරාසි(චෙන්නායි) විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන ඇත.

2005 වසරේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරනු ලැබිණ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මාතෘභූමිය මුදාගැනීම සඳහා ආරම්භ කළ මානුෂීය මෙහෙයුමේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හෙතෙම 2006 දෙසැම්බර් මාසයේදී එම සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගත්තේ අනූනවයෙනි.

යුද්ධය අවසන් වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ද පත්වූ ඔහු කොළඹ නගරය අලංකරණය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළේය.

කොළඹ නරගයේ ප්‍රසිද්ධ ස්ථානවල තිබූ තාප්ප ඉවත් කර නගරාලංකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හෙතෙම බත්තරමුල්ල දියත උයන, ආකේඩ් චතුරශ්‍රය, කොළඹ කොටුව පාවෙන වෙළෙඳසල් සංකීර්ණය ආදිය ඉදිකරමින් කොළඹ ආකර්ෂණීය නගරයක් බවට පත් කළේය.

ත්‍රිවිධ හමුදා මූලස්ථානය සහ අමාත්‍යාංශ කොළඹ නගරයෙන් පිටතට ගෙනගොස් නගරයේ තදබදය අඩු කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද ඔහු පියවර ගත්තේය.

මෑතකදි විවෘත කරන ලද ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේදී සැලසුම් කළ එකකි.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට නොහැකි බැවින් ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ හවුල්කාර පක්ෂ ඉකුත් අගෝස්තු මස 11 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ද ඉවත් කරගත් බව ගෝඨාභයගේ නීතිඥවරු පවසති.

 

ලංකාදීප



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More