Notice Board

හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා අද (22) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒම‍ට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

දි.මු ජයරත්න මහතාගේ දේහය හෙට පස්වරු 1.00 සිට 3.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර තිබෙනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ජයරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීමට සූදානමින් සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‍ට,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට,රාජ්‍ය නිලධාරීන්ට,ඥාති හිතමිත්‍රාදීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ඒ සඳහා දහවල් 12.30 වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වූ දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත්වූයේ 1970 වසරේ දීය.

අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 වසරේ මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු දි.මු.ජයරත්න මහතා එහි 13 වන සාමාජිකයා ලෙස සාමාජිකත්වය ලබා ගෙන ඇත.

ගම්පොල පිහිටි දොළුව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඒ මහතා දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් මෙන්ම දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

ජයරත්න මහතා මුල්වරට කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ 1994 වසරේදී පිහිටුවනු ලැබූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්වෙමිනි.

ඉන් අනතුරුව දි.මු ජයරත්න මහතා කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර, තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන, තැපැල්, විදුලි සංදේශ, ග්‍රාමීය ආර්ථික සංවර්ධන, වැවිලි කර්මාන්ත, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ආදී අමාත්‍යධූර ගණනාවක් ද හෙබවීය.

ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස 2010 සිට 2015 වසර දක්වා කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ද වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසකවරයකු ලෙස මියයන තුරුම කටයුතු කළේය.

1993 වසරේ පිහිටුවන ලද පොදුජන එක්සත් පෙරමුණේ ආරම්භක මහලේකම්වරයා වූ දි.මු ජයරත්න මහතා මියයන තුරුම එම තනතුරද හෙබවීය.

දි.මු ජයරත්න මහතා අනුලා යාපා ජයරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ සහ දියණියන් දෙදෙනකුගේ පියා විය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More