දෙවනුව පහුගිය අවුරුදු පහ ඇතුළත මේ ආණ්ඩුවෙන් රටට වූ කොතෙකුත් වැරදි නොදැක්කා සේ ඉදිමින් , කිසිම විවේචනයක් නොකර, ගෝටාභය බලයට ගෙන්න කිසිම සංවාදයක් නොකර, කිසිම පොස්ටුවක් නොලියා , අනුන් ලිව්ව එකක් හෝ share නොකර , අපි ඔය ජරා දේශපාලනයට නෑ වගේ ෂේප් න්‍යායෙන් පාඩුවේ හිටපු අය දැන් නෙළුම් පොහොට්ටුවෙයි ගෝටභයගේ ඡයාරූපයි විනාඩියට දෙක ගානේ අප්ලෝඩ් කරන්න පටන් අරන්. ඔය උනන්දුව යහපාලනය කියාගෙන ආව ආණ්ඩුව රටට අහිතකර තීන්දු තීරණ ගන්නකොට තිබුනා නම් කොච්චර එකක් ද ? තමන්ගේ වෝල් එකේ ඉන්න මිතුරන් අමනාප වෙයි ,ඔවුන් අකමැති වෙයි , තමන්ගේ දේශපාලන ඔවුන් ඉදිරියේ හෙළිදරව් වෙයි කියල හිතාගෙන දේශපාලනය තම තමන්ගේ මුහුණු පොතට ඇකැප දේවල් ලෙස සලකා ගෙවත්තේ මල් පැලයක ඡායාරූපයක්, උයා පිහා ගත් දෙයක් හෝ ෂොපින් යනගමන් ගත් සෙල්පියක් වගේ දේවල් ෆේස්බුක් දාගෙන, ශේප් එකේ හිටපු අය දැන් හදිසියේම නින්දෙන් ඇහැරිලා තියෙන්නේ ඇයි කියල අපිට නොතේරෙනවා කියල වෙන්න ඇති එයාල හිතාගෙන ඉන්නේ.
ඒත් අපි පහුගිය අවුරුදු පහ පුරාම දවසින් දවස වෛරක්කාරයෝ හදාගෙන , නින්දා අපහාස මඩ අවලාද නාගෙන , මිතුරන් නැතිකරගෙන, අපි විශ්වාස කරපු සමාජ ධර්මයක් වෙනුවෙන් පෙනී හිටියා. ඒ ගමනේ දී අපෙන් ඈත් වෙන්නේ කවුද ? අපේ මත රුස්සන්නේ නැත්තේ කවුද ? වෝල් එකේ ඉන්න අනෙක් මිතුරන් අපි ලියන ඒවාට කැමති වෙයි ද? අකමැති වෙයි ද? වගේ දේවල් අපි අදාළ කරගත්තේ නැහැ. අපිට තිබුනේ ඉලක්කයක් සහය අරමුණක් විතරයි. අපේ සහයට කවුරු ආවත් නාවත් අපි විශ්වාස කරපු පාරේ අපි ගියා. ඒත් පහුගිය ආණ්ඩුව කන පිගානටත් බදු ගහන දවසක් එනකම් අඳ ගොළු බිහිරන් සේ හිටපු අය තමයි දැන් අපටත් වඩා මේ ජයග්‍රහණයේ පංගුකාරයෝ බව පෙන්වමින් ඉන්නේ. අපි තමයි දැන් සියඹලා ගෙනල්ලම නැති මිනිස්සු.
රාජපක්ෂවරුන් ඇතුළු මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් තමන්ගේ සතුරා මිතුරා හා අවස්ථාවාදීන් හඳුනා නොගත්තොත් මේ ආණ්ඩුවටත් වැඩි ආයුෂක් නැති බව නිකමට වගේ මතක්කර තියන්නත් කැමතියි.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...