තමා ධුරයෙන් ඉවත් වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත.
අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉල්ලා අස්විම ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්.
තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවටත් ඒ පිළිබඳව අද දිනයේ නිලවශයෙන් ජනාධිපතිවරයාට දැනුම්දෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ මාධ්‍යෙවත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිය කාර්ය මණ්ඩලයට සමු දුන්නේය.
මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී තවත් ටික වේලාවකින් ආරම්භවිමට නියමිතව ඇත.
දහවල් 12.30ට එම උත්සවය ආරම්භ කෙරෙන බවයි මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
අවස්ථා දෙකකදී මෙරට අග්‍රාමාත්‍ය ධුරය හොඹවා ඇති මහින්ද රාජපක්ෂ මහතා මෙවර එම ධුරයට පත් වන්නේ තුන්වන වරටයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...