බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේන් සැදුම්ලත් බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා සහයෝගිතාවේ සභාපති නේස්බි සාමිවරයා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ තමා මෙන්ම තම කණ්ඩායම අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ බිහිවුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපරිම සහයෝගය ලබා දීමට ප්‍රතිඥා දෙන බවය.
නව විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීම පිණිස විශාල ජන සහභාගීත්වයකින් මුළු දිවයින පුරා සාර්ථකව ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳව පළමුකොටම ශ්‍රී ලාංකීය ජනයාට සුභ පතමි. ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරුණු රාජකාරි වල දී ඔහු දැක්වූ සමත්කමත්කම් පිළිබඳව මම ඉතාම සතුටට පත් වුණෙමි. දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ ප්‍රහාරයන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය නිසා බව කිසිවෙකුත් අමතක නොකළ යුතුය. යනුවෙන් ඔහු සිය සුබපැතුම් පණිවිඩයෙන් දන්වා සිටී.
ඇත්ත වශයෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ ‘’චචිල්’’ බවට පත්වෙමින් සකල ශ්‍රී ලාංකික ජාතියට දැවැන්ත ප්‍රබෝධයක් අත්පත් කරනු ලැබුවේය. නව ජනාධිපතිවරයාට තමාගේ අතීත අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් දැන් ශ්‍රී ලාංකීය ආර්ථිකය ක්‍රියාශීලීත්වයට පත්කළ හැකිය’’ යනුවෙන් ඔහු අවධාරණය කර සිටියි.
ඔහු වැඩිදුරටත් සුබ පතමින් අවධාරණය කර සිටින්නේ බටහිර ලෝකයේ එල්ටීටීඊ යේ බලපෑම් සහිත ඩයස්පෝරාවේ විරෝධතාවයන් නොසලකා හැරිය යුතු බවයි.
අභිනව ජනාධිපති වරයාට පසුගිය රජය සමයේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තව තවත් ගිලෙන්නට සැලසූ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරවන්නට කාලය අවශ්‍ය වනු ඇත. මම වඩාත්ම විශ්වාසයෙන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වන සුළුජාතීන්ට විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ ජනයාට සමානව සැලකිය හැකි නායකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. මෙවර මැතිවරණය ශක්ති සම්ප්සම්පන්න වටපිටාවක් එතුමාට නිර්මාණය කර දී ඇත. මම ඔහුට ඔහුගේ කාර්යයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. මම මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඔහුටත් ඔහුගේ කණ්ඩායමටත් මස්ත ශ්‍රී ලාංකික ජනතාවටත් මාගේ උපරිමයෙන් සහයෝගය පළ කරමි යනුවෙන් පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Thank you very much sir for your unstinted cooperation extended despite the traps and bad tricks of our own people. You are always remembered with respest