දේශීය පුවත්

අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

නව ඇමැති මණ්ඩල සංයුතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 12ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 03ක් වශයෙන් බව වාර්තා වෙයි. ඒ අනුව ඇමැති මණ්ඩලය මුළු ගණන 15කි. මුදල් ඇමැති ධුරය අගමැති මහින්ද රාජපක්ෂට ලබාදීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැති ධුර භාර ගැනීම සඳහා දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ නිමල් සිරිපාල ද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇත. කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, ක්‍රීඩා, සමෘද්ධි යන විෂය ප‍ථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී ඇමැති ධුරයක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත් නොවීම නිසා මෛත්‍රිපාල සිරිසේනට පාර්ලිමේන්තු මන්ත්‍රී වරම අහිමි වී යාමේ තත්ත්වයක් මතුව ඇත.

අද (21 වැනිදා) දිනයේ භාරකාර රජයේ ඇමැති මණ්ඩලයද දිවුරුම් දීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැති ධුර පහක් ඔවුන් සමග ඒකාබද්ධව සිටින පක්ෂ නායකයන් වෙත ලබාදීමට නියමිතව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More