දේශීය පුවත්

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට යෝජනා කර තිබේ. මෙම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන අතර ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔවුන් විපක්ෂයේ අසුන් ගැනීමටද නියමිතය. ඒ අනුව විපක්ෂයේ වැඩිම ආසන හිමි පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත්වන අතර එම පක්ෂයෙන් විපක්ෂ නායකවරයා පත්කර ගත යුතු වෙයි. විපක්ෂ නායක ධුරයට සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකදී ඊයේ (20 වැනිදා) ප්‍රකාශ කළේය. වෙනත් දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බවද ඔහු පැවැසීය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයට පත් කළ යුතු බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන්ද රනිල් වික්‍රමසිංහ ඉවත් කළ යුතු බව සජිත් පාර්ශ්වය සඳහන් කරයි. ඒ සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (21 වැනිදා) පෙරවරුවේ පැමිණෙන ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට සජිත් ප්‍රේමදාස ආරාධනා කර ඇත. එම ස්ථානයට සජිත් ප්‍රේමදාසට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්වීමට නියමිතය. සිරිකොතට පැමිණෙන මෙම පිරිස එම ස්ථානය අත්පත් කර ගැනීමේ සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සැකයක් මතුව ඇත.

සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයෙන් මෙම වැඩපිළිවෙළ මෙහෙයවන අතර, පැමිණෙන පිරිස රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් වන තුරු මෙම ස්ථානයේ රැඳී සිටීමට නියමිත බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව දෙසැම්බර් 03 වැනිදා යළි රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද අද (21 වැනිදා) රැස්වීමට නියමිතව ඇත.

මේ අතර සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (21 වැනිදා) පැවැත්වීමට සංවිධානය කර තිබූ රැස්වීම නොපැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය ඊයේ (20 වැනිදා) පස්වරුවේ නිවේදනය කළේය.

එම උත්සවය ඉදිරි දිනයකදී පවත්වන අතර ඒ පිළිබඳව සියලුම ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දෙන බවද එම නිවේදනයේ දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More