දේශීය පුවත්

ඇමැති රවුෆ් හකීම් නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඇමැති රිෂාඩ් බදියුදීන් නායකත්වය ලබාදෙන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය මහ මැතිවරණයට ඒකාබද්ධව ඉදිරිපත්වීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මේ පිළිබඳව පක්ෂ නායකයන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය. ජනාධිපතිවරණයේ මුස්ලිම් ජාතිකයන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කර ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය දාරුසලාම්හිදී (19 වැනිදා) රැස්වූ අවස්ථාවේදීද මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ. එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මහ මැතිවරණයට ඉදිරිපත්වීම, තනිව ඉදිරිපත්වීම සහ මුසිල්ම් පක්ෂ ඒකාබද්ධව ඉදිරිපත්වීම වැනි යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය ප්‍රචාරණ කටයුතු එළැඹෙන ඉරිදා (24 වැනිදා) සිට දිවයින පුරා ආරම්භ කිරීමට නියමිතය.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය මහ මැතිවරණයට ඒකාබද්ධව ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කර ඇතත් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 06 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී. සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව පහකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More