පුරවැසි කොලම

1. සිංහල ඡන්දවලින් පමණක් ආණ්ඩුවක් සෑදීමට කිසිදා නොහැකිය යන මිත්‍යාව සුනේ සුන් වී යාම.

2. රිෂාඞ්, හකීම්, සම්බන්ධන්, විග්නේශ්වරන් වැනි අන්ත ජාතිවාදී කප්පම්කාරයන්ගේ කේවල් කිරීමේ බලය සම්පූර්ණයෙන් අහෝසි කළ හැකි බව ඔප්පු වීම.

3. සිංහලයාට පමණක් ජාතිවාදී චෝදනා එල්ල කරමින් සිටි ඊනියා ජාත්‍යන්තරවාදීන් ඇතුළු සියලු වර්ගවල ජාතිවාදීන්ට, අන්තවාදීන්ට, බෙදුම්වාදීන්ට එල්ල වූ කණේ පහර.

4. ජනතාව ඒකරාශී වන්නේ ජාතිකත්වයේ ධජය වටා බව නැවතත් ඔප්පු කරමින් ජාතිකවාදය මතවාදීමය වශයෙන් ලැබූ ජයග්‍රහණය.

5. ජිනීවා යෝජනා, රණවිරු දඩයම, බෞද්ධ සංහාරය, එම්සීසී, සෝෆා, ඇක්සා, එට්කා ආදී ගිවිසුම්, ෆෙඩරල් යෝජනා, නව ව්‍යවස්ථා ආදිය ඔස්සේ දියත් වෙමින් තිබූ යටත්විජිතවාදයේ නග්න ආක්‍රමණය පැරදවිය හැකිවීම.

6. විචාර බුද්ධිය, සංස්කෘතික සහනශීලී බව, චින්තන නිදහස ඕනෑවටත් වඩා වැඩිවීම නිසාම ජාතියක් වශයෙන් කල්පනා කළ නොහැකි වීමේ මතවාදී වියවුලක් සිංහල බෞද්ධයා තුළ තිබුණද, තීරණාත්මක අවස්ථාවකදී සමගි වීමට සිංහලයා සූදානම් බව තහවුරු වීම.

7. බොරුව, බොරුව සහ නැවත නැවතත් බොරුව ඔස්සේ සදාකල් ඡන්ද දිනන්නට හැකි යැයි සිතා සිටි යූඇන්පී, ජේවීපී ගොබෙල්ස්ලාට ජනතාව ඉගැන්වූ අමතක නොවන පාඩම.

8. 225ම එපා කියමින් ඊනියා නව විකල්ප උස්සාගෙන ආ පල්ලේවත්ත, මහේෂ් සේනානායක වැනි යූඇන්පී පිල්ලිවලට අත්වූ අන්ත පරාජය.

9. බොරු දූෂණ විරෝධී වාම වෙස් මුහුණක් දමාගෙන පරගැති විජාතික කඳවුරේ සියලුම කුණු කොන්ත්‍රාත් බාරගන්නා අනුර කුමාර සමාගමට අත්වූ ඛේදජනක ඉරණම.

10. අනුර කුමාරගේ සහචරයන් වූ සරසවි ඇදුරන්, කලාකරුවන්, කවියන්, සාහිත්‍යකරුවන් ඇතුළු මහා පඬියන් යැයි කියාගන්නා අන්ත ජාතිවාදී, සිංහල බෞද්ධ විරෝධී, පරගැති නඩය වනාහී දේශපාලන වශයෙන් මේ රටට බලු මයිලක තරමේ බලපෑමක් කළ නොහැකි හද්දා අනාථයන් පිරිසක් බව පැහැදිලිව ඔප්පු වීම.

11. රටේ ප්‍රධාන බල බෙදීම ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර මිස, අනුර කුමාර කියන පරිදි හොරකමට පක්ෂ හා හොරකමට විරුද්ධ කඳවුරු දෙකක් අතර නොවන බව නැවතත් තහවුරු වීම.

12. ඒකාධිපතිත්වය, ආඥාදායකත්වය ගැන කෙප්ප දොඩවමින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රටේ මධ්‍යගත බලය දුර්වල කොට රට අරාජික කිරීමට වෙර දැරූ එන්ජීඕ කාරයන්ට එල්ල වූ කණේ පහර.

13. ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගෙල හිරවූ අරාජික රටක් වෙනුවට මධ්‍යගත බලයක් සහිත, ශක්තිමත් ස්ථාවර පාලනයක් ලංකාව වැනි රටකට අවශ්‍ය බව බහුතරය විසින් එකහෙළා පිළිගැනීම.

14. සිස්ටම් චේන්ජ් ගැන බොරු සෙවල කතා වෙනුවට, සැබෑවටම සිස්ටම් චේන්ජ් කළ හැක්කේ කාටදැයි ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් ඔස්සේ රටට ඔප්පු කර පෙන්වීමට ගෝඨාභය සමත් වීම.

මේ දැනට පෙනෙන ජයග්‍රහණ කීපයක් පමණි. තව බොහෝ දේ ඉදිරියේදී දැක බලා ගත හැකිවනු ඇත.

ඉසුරු ප්‍රසංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More