පුරවැසි කොලම

මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 52.25 ක් ලබා ගැනීමට හැකි විය.

ඔවුගේ ප්‍රතිවාදියා වු සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගත හැකි වුයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 41.99 ක් පමණයි.

2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 6,924,255 ක් හිමි විය.

ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තරග වැදුනු සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගත හැකි වුයේ ඡන්ද 5,564,239ක් පමණයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 1,360,016 ප්‍රමාණයකින් ජනාධිපතිවරණය ජයගැනීමට සමත් විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික්ක 16 ජය තහවුරු කරගත් අතර ඔහුට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

සියයට 67 වු වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි වි තිබුණේ මාතර දිස්ත්‍රික්කයෙන්.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික්ක 6ක් ජයගත් අතර සියයට 84 ක් වු ඉහළම ප්‍රතිශතයක් හිමිව තිබුණේ යාපනය දිස්ත්‍රික්කයෙන්.

උතුරු නැගෙනහිර හා නුවරඑළිය දිස්ත්‍රික්ක ඔහු විසින් ජය තහවුරු ගෙන තිබුණි.

සමස්ත ප්‍රතිළුලවලට අනුව මෙවර ජනාධිපතිවරණයේ තෙවන ස්ථානය හිමි කරගෙන තිබුණේ අනුර කුමාර දිසානායක මහතායි.

ඔහු හිමි කරගත් ඡන්ද සංඛ්‍යාව 418,553 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.16ක්.

එමෙන්ම හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඡන්ද 49, 655 ක් හිමි කර ගත්තේය.

මේ අතර තැපැල් ඡන්දවලින් සියයට 57 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබි තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වන අතර සජිත් ප්‍රේමදාස මහතාට ලැබි තිබුණේ සියයට 31 කට ආසන්න ප්‍රමාණයක්.

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 167,000කින්.

ඔහු ඡන්ද 727,713ක් හිමි කරගත් අතර ඡන්ද ප්‍රතිශතය සියයට 53.19ක්.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 559,921ක් හිමිකරගත්තේ සියයට 40.92ක ප්‍රතිශතයක් සමගයි.

අනුර කුමාර දිසානායක මහතාට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 53,803ක් හිමි විය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 361,000කින්.

ඔහු ඡන්ද 855,870 ක් හිමිකරගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 59.28ක්.

කෙසේවෙතත් පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් වැඩි අවධානයකට ලක්වූ මීගමුව ආසනය ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය විය.

සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 494,671ක් ලබාගනිමින් සියයට 34.26ක ප්‍රතිශතයක් හිමිකරගත්තේය.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය නියෝජනය කරන අත්තනගල්ල ආසනය සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී තිබුණි.

මෙහිදී අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික්කයෙන් ඡන්ද 61,760ක් හිමිකරගැනීමට සමත් විය.

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 482,920 ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

එය ප්‍රතිශතයක් වශයෙන් 59.49 ක්.

සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 284,213 ක් ලබා ගත් අතර ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 35.01 ක් වේ.

කළුතර දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ ප්‍රබල දේශපාලනඥයෙකූ වූ කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රතිවිරුද්ධව කටයුතු කළ ද දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි එම තත්ත්වය බලපෑමක් නොවීම විශේෂත්වයක්.

එමෙන්ම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතා නායකත්වය ලබාදුන් බේරුවල මැතිවරණ බල ප්‍රදේශයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබීම තවත් විශේෂත්වයක්.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පෙරමුණ ගත් අජිත් පී.පෙරේරා මහතා නායකත්වය දුන් බණ්ඩාරගම ආසනයේ වැඩි ඡන්ද 35,000කින් ජය හිමි කරගෙන තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතායී.

ඡන්ද 27,681 ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා එම දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය හිමි කරගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 466,148ක් ලබාගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 64.26ක්.

සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන තිබුණේ ඡන්ද 217,401ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 29.97ක්.

අනුර කුමාර දිසානායක මහතා 27,006ක් ඡන්ද ලබාගනිමින් දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය හිමිකර ගත්තේය.

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 374,481 ක් හිමි කර ගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 67.25 ක්.

සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කයේ ලබා ගෙන තිබු ඡන්ද සංඛ්‍යාව 149,026 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 26.76 ක්.

එම දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය ලබාගෙන තිබුණේ ඡන්ද 23,439 ක් ලබාගත් අනුරකුමාර දිසානායක මහතායි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 278,804 ක් ලබා ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 66.17ක්.

සජිත් ප්‍රේමදාස මහ ඡන්ද 108,906ක් ලබා ගෙනතිබූ අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 25.85 ක්.

හම්බන්තොට දිස්ත්‍රික්කයට නායකත්වය දුන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 169,000කින් පරාජයට පත්ව තිබේ.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ආසනය වූ තිස්සමහාරාමය ආසනයද ඔහු පරාජයට පත්වුණේ වැඩි ඡන්ද 48,000කින් පරාජයට පත් විය.

අනුර කුමාර දිසානායක මහතා එම දිස්ත්‍රික්කයෙත් තුන්වන ස්ථානයට පත්වුණේ ඡන්ද 26,295 ක් ලබාගනිමින්.

කුරුණෑගල දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ ඡන්ද 652,278 ක් ලබා ගනිමින් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 57.90 ක්.

සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගත්තේ ඡන්ද 416,961 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 37.01ක් වේ.

ඡන්ද 36,178 ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානයක මහතා එම දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානය හිමි කර ගත්තේය.

පුත්තලම දිස්ත්‍රික්කයද ජය ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 230,760ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 50.83ක්.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 199,356ක් හිමිකරගත් අතර ප්‍රතිශතය සියයට 43.91ක් වේ.

අනුර කුමාර දිසානායක මහතා 12,912ක් ඡන්ද ලබා ගනිමින් තුන්වන ස්ථානයට පත් විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයද ජයග්‍රහණය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 342,223 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 58.97 ක්.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 202,348 ක් හිමි කරගෙන තිබුණි.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 34.87 ක්.

ඡන්ද 22,879 ක් හිමිකරගත් අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය තහවුරු කරගත්තේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 50.31ක ප්‍රතිශතයක් හිමිකරගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 147,340ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 112,473ක් වන අතර එහි ප්‍රතිශතය සියයට 40.47ක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වූවද ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ 2015 වසරේ මෛත්‍රිපාල සිරිසේන මහතා ලැබූ ඡන්ද ප්‍රතිශතයට අඩු ප්‍රතිශතයකින් වීමත් විශේෂත්වයක්.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා 12,284ක ඡන්ද ප්‍රමාණයක් හිමි කරගනිමින් තුන්වන ස්ථානයට පත්වූ අතර ඔහු ලබාගත් ප්‍රතිශතය සියයට 4.42ක්

රත්නපුර දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ ඡන්ද 448,044 ක් ලබා ගනිමින්.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 59.93 ක්.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 264,503 ක් හිමිකරගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 35.38 ක්.

එම දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 18,887 ක් හිමිකරගෙන තිබුණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 320,484ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කයත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේය.

ඔහු ලබාගත් ප්‍රතිශතය සියයට 55.66ක්.

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී හිමිකරගත් ඡන්ද ප්‍රමාණය 2228,032ක් වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 39.6ක්.

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 15,043ක් ලබාගනිමින් තුන්වන ස්ථානයට පත් විය.

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 471,502ක් හිමිකරගනිමින් එහි ජයතහවුරු කරගත්තේය.

ඔහු ලබාගත් ප්‍රතිශතය සියයට 50.43ක්.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 417,355ක් හිමිකරගත්තේ සියයට 44.64ක ප්‍රතිශතයක් සමගයි.

ඡන්ද 23,539ක් හිමිකරගනිමින් අනුර කුමාර දිසානායක මහතා එම දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත් විය.

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 187,821ක් හිමිකරගෙන තිබේ.

ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 55.37ක්.

සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඡන්ද 134,291ක් හිමිකරගත් අතර ප්‍රතිශතය සියයට 39.59ක් වේ.

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 8890ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය හිමිකරගත්තේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සජිත් ප්‍රේමදාස මහතා 277,913ක් හිමිකරගෙන දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 58.28ක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 175,823ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 36.87ක්.

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවුවද නුවරඑළිය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂයකින් පමණ ජයග්‍රහණය කළේ සජිත් ප්‍රේමදාස මහතායි.

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5891ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ 03 වන ස්ථානය හිමිකර ගත්තේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද 276, 211 ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනු ලැබුවේය.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 49.29ක්.

සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගත්තේ ඡන්ද 251,706 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 44.92 ක්.

සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට පෙරමුණ ගත් හරීන් ප්‍රනාන්දු මහතා නායකත්ය දුන් බදුල්ල දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගැනීම විශේෂත්වයක්.

දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය ලබාගත් අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,806 ක් හිමි කරගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මොණරාගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ඡන්ද 208,814 ක් ලබා ගනිමින්.

එය ප්‍රතිශතයක් වශයෙන් 65.34 ක්.

සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කයේ ඡන්ද 92,539 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 28.95 ක්.

අනුර කුමාර දිසානායක මහතා එම දිස්ත්‍රික්කයෙන් හිමි කරගත් ඡන්ද ප්‍රමාණය 11235 ක්.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සජිත් ප්‍රේමදාස මහතා 238,649ක් හිමිකරගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

එය ප්‍රතිශතයක් වශයෙන් 78.70ක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා 38,460ක ඡන්ද ප්‍රමාණයක් හිමිකරගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 12.68ක් වේ.

එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා 13,228ක ඡන්ද හිමිකරගනිමින් දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය තහවුරු කරගත්තේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව 166,841ක් ඡන්ද ප්‍රමාණයක් හිමි කරගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ජයගත් අතර ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 72.1ක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 54,135ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 23.39ක්.

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3730ක් හිමිකරගත් අතර ප්‍රතිශතය සියයට 1.61ක්.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලවලට අනුව සජිත් ප්‍රේමදාස මහතා 259,673ක් ලබාගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

ඒ සියයට 63ක ප්‍රතිශතයක් හිමිකරගනිමින්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 135,038ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 32.82ක්.

අනුර කුමාර දිසානායක මහතා 7460ක් ඡන්ද ලබාගනිමින් දිස්ත්‍රික්කයේ 03වන ස්ථානයට පත් විය.

යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සජිත් ප්‍රේමදාස මහතා 312,722ක් හිමිකරගනිමින් දිස්ත්‍රික්කයේ ජය තහවුරු කරගැනීමට සමත් විය.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 83.86ක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 23,261ක්.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 6.24ක්.

මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වූ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතාගේ බල ප්‍රදේශය වන කයිට්ස් මැතිවරණ බල ප්‍රදේශය සජිත් ප්‍රේමදාස මහතා ජයගැනීම විශේෂත්වයක්.

එම්.කේ.සිවාජිලිංගම් මහතා යාපනය දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය ලබාගැනීමට සමත් විය.

වන්නි දිස්ත්‍රික්කයේද සමස්ත ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා 174,739ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 82.12ක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 26,105ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 12.27ක්.

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 1156ක් හිමිකරගෙන තිබුණද දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය හිමිකරගත්තේ ආරියවංශ දිසානායක මහතායි.

අද දෙරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More