පුරවැසි කොලම

රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ නමින් පක්ෂයක් නිරමාණය කලේ මේ රට දෙස් විදෙස් හතුරු බලවේග පරාජය කරලීම උදෙසාය. ජවිපෙ ඉතිහාස භාවිතාව මනාව එය පසක් කොට ඇත්තේය. 1965 පක්ෂය ආරම්භයේ සිටම අධිරාජ්‍යවාදී වුවමනාවන් හා සිතැගියාවන් නිසි දිග පළලකින් තේරුම් බේරුම් කරගත් ජවිපෙ නායකත්වය ඊට එරෙහිව මව්බිමට හිතැති බලවේග එක පෙලට පෙලගස්වනු ලැබුවේය. ඉන් නොනැවතී ඊට නායකත්වය ලබාදෙමින් දිවිහිමියෙන් ඒ සියල්ල පරාජය කරලීමට සියලු ආකාරයේ මැදිහත් වීම්ද කළේය.

ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කතා කලේ හැටේ දශකයේ අගභාගයේදී ය. එය 1987 ජූලි 29 ගිවිසුමත් එක්ක සැබැවක් විය. ඒ දේශද්‍රෝහි ගිවිසුමට එරෙහිව මුලු රටම පෙළගැස්වූයේද ජවිපෙය. එවන් කවරාකාරයේ හෝ මව්බිමට හතුරු බලවේග හමුවේ නොබියව නොපැකිලී පලමු තත්පරේම දෙස් විදෙස් හතුරුකම් වලට එරෙහිව අවි අමෝරාගෙන නැගි සිටි ජවිපෙ මව්බිමට පෙම්බැදි ශුද්ධ සංධානයකට උරුමකම් කිවේය.

තෙවන ඊළාම් යුද්ධයේ ප්‍රවේශගත මෙහෙයුම්කාර පක්ෂය ජවිපෙ සේම අපි ඒ වෙනුවෙන් 2005 දේශපාලන මතිමතාන්තර පසෙකලා මහින්ද රාජපක්ෂයන් ජයග්‍රහණය කරා ගෙන ගිය ප්‍රධානතමයාද විය. එවකට ශ්‍රිලනිපය මහින්ද ජයග්‍රහණයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා නොවීය.සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනාව දීම පමණකි. ඔහු දිනවීමේ වගකීම හා යුතුකම කර මතට ගත්තේ ජවිපෙය. එසේම රටට හිතැති ජාතික සංවිධාන ජාලයයි. ඔහු ජයග්‍රහණය කරා මෙහෙයවා තනතුරු වරප්‍රසාද වරදාන ලබා නොගෙන මව්බිම දෙමළ බෙදුම්වාදී පැසිස්ට්වාදයෙන් මුදවාගැනිමේ සංග්‍රාමික මෙහෙයුමෙන් මෙපිට සුක්කානමද හැසිරවූයේ ජවිපෙය. යුද්ධය පටන් ගත් මුල්ම වකවානුවේ සෝමවංශ අමරසිංහ සහෝදරයා අරලියගහ මන්දීරයේදි ජනපති මහින්ද හමුවූ මොහොතක හරි අපුරු සංවාදයක් දෙදෙනා අතර ඇති වූ බව බොහෝ දෙනා නොදනී.

ඒ මොහොතේ මහින්ද ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුද්ධ කිරිමට අවශ්‍ය අවිආයුධ ප්‍රමාණවත් නොමැති බවය. ඉන් සෝමවංශ සහෝදරයා සෑහිමකට පත් නොවූවා පමණක් නොව කෝපාවිෂ්ඨ වී නැගිට ” අයිසේ තියන බම්බුවකින් ගහනවා ” යැයි පවසා තිබුනි. එහෙත් ජවිපෙ යුද්ධය අවසාන මොහොතේ කුහක වෙමින් අවස්ථාවාදී ලෙස අනුර කුමාර ඇතුලු පොල්මොරොන්දම්කාර නායකත්වය අධිරාජ්‍යවාදී විරෝධය වෙනුවට අධිරාජ්‍යවාදී වුවමනාවන් හා සිතැගියාවන් ට අනුගත වෙමින් ජවිපෙ වෙනත් දිශාවකට දක්කාගෙන ගියේය. මෙහි අනිටුපල විපාකය වූයේ ජවිපෙ දෙකට තුනට කැඩි බෙදි වෙන්ව යාමය. අද රටේ අවාසනාවට ජවිපෙ නිල උරුමකරුවන් වී ඇත්තේ රටට හතුරු දෙස් විදෙස් බලවේග සමග සෘජු හා වක්‍ර ගණුදෙනු කරන ජාවරම්කාර වාචාල නායකත්ව කණඩායමකි.

2015 එජාපය ප්‍රමුඛ යහපාලන නඩය බලයට පත්වීමෙන් අනතුරුව රටට එරෙහිව දෙමළ බෙදුම්වාදය මෙන්ම මුස්ලිම් අන්තවාදයද හිස එසවීය. යුද්ධය දිනාදුන් රණවිරුවන්ට එරෙහිව ජාතික හා ජාත්‍යන්තරව මෙහෙයුම් දියත් විය. අණපණත් පාර්ලිමේන්තුව තුල සම්මත කෙරිනි. ජාතික සම්පත් නොරටුන්ට විකිණීම හා රටට අහිතකර ජාත්‍යන්තර වෙළද ගිවිසුම් සකස් කෙරිණි. ක්‍රියාවට නැගිනි. අවාසනාවකට ජවිපෙ මේ කිසිදු අණපණත්වල ට එරෙහිව අඩුම තරමේ එක වචනයක් වත් ප්‍රකාශ කලේ නැත. දෙමළ බෙදුම්වාදි නව උවමනාවන් හා එක පෙලට සිටගත්තා පමණක් නොව ජාතිකත්වය හා දේශහිතෛෂීබව සහමුලින්ම අමතක කලා පමණක් නොව එය ඉදිරි දොරටුවෙන්ම පලවා හැරිය. ජවිපෙ විනාශකිරිමේ ජාතික හා ජාත්‍යන්තර අලුගෝසු නරුමයන් හා එක්ව කටයුතු කලා පමණක් නොව රටට එරෙහි අණපණත් මෙන්ම වැඩපිලිවෙළට මග එළිපෙහෙළි කල ජාවරම්කාර පක්ෂයක භූමිකාවට පණ දුනි.

මේ මොහොතේ මව්බිම මුහුණ පා සිටින ප්‍රබල ව්‍යවසනය වූයේ බෙදුම්වාදය මෙන්ම මුස්ලිම් අන්තවාදය හිස එසවීමේ ප්‍රබල අනතුරය. අප්‍රේල් 21ප්‍රහාරය එහි ප්‍රබලතම ඉගිබිගියයි. එහි නියමුවන් ජවිපෙ සමග සෘජු සබදතා පැවැත්වූ බවට සාක්ෂි ද නැතුවා නොවේ. උතුරේ දෙමළ බෙදුම්වාදී නායකයන්ගේ ජාතික හා ජාත්‍යන්තර උවමනාවන් වෙනුවෙන් අනුර කුමාර ඇතුලු නායකත්වය කොන්දේසි විරහිතව පෙනිසිටි බවද අවිවාදිතය. එවන් වටපිටාවක් තුල මැතිවරණ දෙකකට අප මුහුණ දී ඇත. ඉන් පළමුවැන්න පළාත් පාලන මැතිවරණය වන අතර අනෙක මේ ජනාධිපතිවරණය යි. ඒ දෙකටම පෙනී සිටිය ජවිපෙ විසින් අත්පත් කරගනු ලැබූ ජයග්‍රහණයන් ඇත්තේම නැත. සුපුරුදු පරිදි නානප්‍රකාරයේ හුදු න්‍යා‍යාත්මක ප්‍රකාශයන් ඔවුන් කරාවි. එහෙත් බිමේ ඇත්ත කතාව එය නොවේ. දැන් ජවිපෙ යනු රටට හිතැති බලවේගයක් නොවන බව හුදී ජනයාගේ විශ්වාසයයි . එය මෑත භාගයේ මැතිවරණ වලට ඉදිරිපත් වී ගනු ලැබූ ජන්ද ප්‍රමාණයෙන් තීරණය කල හැකිය. මෙවර අපේක්ෂාවේ අපේක්ෂකයා වූ AKD ට ලබාගත හැකි වූයේ 418553 කි. එය 2015 ටත් 2018 ටත් වඩා අඩුවීමකි. මෙවර ප්‍රතිශතයක් ලෙස 3.16% කි. එය 1982 දී 4.19% ක් වූ රෝහණ විජේවීරයන් ලබාගත් ප්‍රතිශතයත් 1999 දී 4.08% ක් වූ නන්දන ගුණතිලකයන් ලබාගත් ප්‍රතිශතයටත් අඩු ප්‍රතිශතයකි. මින් පෙනි යන්නේ අඩ සියවසක දේශපාලන පක්ෂ ඉතිහාසය තුල තමන් ඉටුකරනු ලබන භූමිකාව ගැටලු සහගත බව නොවේද. යලි කිසිදාක නොනැගිටින අංග විකල දේශපාලන අංශභාගයක් ජවිපෙ ට වත්මන් නායකත්වය විසින් උරුමකරදී ඇති බවයි.

එය හුදෙක් රටට එරෙහි දෙස් විදෙස් බලවේග වලට එරෙහිව ක්‍රියාමාර්ගයන් නොතේරීම නිසාම ඇති වු තත්වයකි. වත්මන් ජවිපෙ නායකත්වයට උවමනාව ඇත්තේ එජාපය ඇතුලු බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් සමග ඒකාත්මිකව කටයුතු කිරිමේ පාපතර පිලිවෙතයි. එවන් වටපිටාවක් තුල එවන් ද්‍රෝහි අවස්ථාවාදය සමග නියමින් හෝ අනියමින් කටයුතු කිරිමේ අනිටු විපාක ජවිපෙ අද අත් විදිමින් සිටි. මව්බිමේ උස් නිදහස වෙනුවෙන් දිවිදුන් රෝහණ විජේවීරයන් ඇතුලු හැටදහස ඉක්මවූ තම ගමන් සගයන්ගේ උත්තුංග අපේක්ෂාවන් දවා හලු කල පාපතර දේශපාලන ජුන්ටාවක් සමග අපේක්ෂාවේ අපේක්ෂකයා කෙසේ ජයග්‍රහණය ලබන්නද ඇත්තේ පරාජයේ අපේක්ෂාවක් පමණි.

එදා ජවිපෙ ලෙයින් , කදුලින් , ජීවිත වලින් රටට ලබාදුන් ජයග්‍රහණයන් බොහෝය. ඒ එදාය. අද ජවිපෙ නායකත්වය විසින් රටටත්, ලාංකීය වත්මන් ජන සමාජයටත් අත්කරදුන් අපේක්ෂාවේත් අධිෂ්ඨානයේත් පරාජයන් බොහෝය. එය රටට විතරක් නොව සමස්ථ ජන සමාජයටම බරපතල දේශපාලන සෝදාපාලුවකි .කවුරුන් හෝ දේශපාලන ජයග්‍රහනයන්හි අධිතක්සේරුව හමුවේ දිගුකාලීන ලෙස රටට අහිතකරව පීලිපැනිමක් කරන්නේ නම් ඊට එරෙහිව නිවැරදිව හා නොබියව නැගී සිටීමක් අවැසි අනාගත මොහොතක ජවිපෙ භූමිකාව වැදගත්‍ ය. එහෙත් අවාසනාවකට වත්මන් ජවිපෙ භූමිකාව අධිරාජ්‍යවාදී වුවමනාවන් හා සිතැගියාවන් සමග ගැට ගැසී ඇත්නම් ආයේ කවරනම් බලාපොරොත්තුවක්ද..? ජවිපෙ ඉරණම තීරණය වනු ඇත්තේ එහි නායකත්වයේ භූමිකාව මතය. අදට වඩා හෙට ජවිපෙ පරාජයේ සළකුණ ප්‍රබල වනු ඇත. අද දවසේ AKD ගේ පරාජය ජවිපෙ ට අභාග්‍යසම්පන්න ඉරණමක් සේම නපුරු පරාජයකි.

—රජරට අනුරාධ තෙන්නකෝන් —



One thought on “ජවිපෙට උරුම කරදුන් සුවකළ නොහැකි දේශපාලන අංශභාගය …”

  1. Good analysis of the current situation of JVP.

    Unfortunately, JVP’s arrogant refusal to learn from mistakes has not been corrected.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More