අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා එමධුරෙයන් ඉල්ලා අස්වන්නේ නැතිනම් ඔහුට එරෙහිව 19 වෙනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කරන්නේ 19 වනදා පාර්ලිමේන්තුව රැස්වූ විට නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරනලෙස ඉල්ලා කථානායක කරු ජයසූරිය මහතාට යෝජනාවක් ඉදිරිපත්කරන බවයි.
113දෙනෙකුට වඩා ඊට සහය ලබාදීමට සූදානමින් සිටින බවත් ඒ සමගම රනිලි වික්‍රමසිංහ මහතාගේ විශ්වාසය භංග වන බවත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පෙන්වා දෙයි.
නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍ය ලෙස පත්කර නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බහුතර මන්ත්‍රිවරුන්ගේ අතසන් සහිත යෝජනාව අද (17) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදීමට නියමිතයි. එම යෝජනාව ඉන්පසුව ජනාධිපතිතුමා විසින් කථානායක කරු ජයසුරිය මහතා වෙත යැවීමට නියමිත බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...