දේශීය පුවත්

2015 හා 2019 දී ඡන්දේ වෙනස මෙන්න

November 16, 2019 11:19 pm | Lanka Lead News

2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව 2019 ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්ක 22යෙන් ඇතැම් දිස්ත්‍රිකයන්වල ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවීමක් දක්නට ලැබේ.

2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 7.00ට ආරම්භ වු අතර, එය පස්වරු 5ට අවසන් කෙරුණි.

මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70ව ඉක්මවා තිබීම විශේෂත්වයකි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි 59 ලක්ෂ 92,096 කි.

ඔවුන් සිය ඡන්දය ප්‍රකාශ කළේ දිවයින පුරා පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදීය.

එහෙත් දිස්ත්‍රික්ක කිපයක ඡන්දය ප්‍රකාශ කිරිම සමස්තයක් ලෙස අඩුවීමක් ද දක්නට ලැබිණි.

අනුරාධපුර දිස්ත්‍රිකයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 2015 වසරට සාපේක්ෂව මෙවර සියයට 8.1ක අඩුවීමක් දක්නට ලැබේ.

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 2015 වසරට සාපේක්ෂව මෙවර සියයට 3.94ක අඩු වීමක් පවතියි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ 2015 වසරේදී සියයට 82.99ක් වන අතර එය මෙවර සියයට 80ක් දක්වා සියයට 2.99ක අඩුවීමක් පෙන්නුම් කරයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 2015 වසරට සාපේක්ෂව මෙවර සියයට 3.75ක අඩුවීමක් පෙන්වයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 2015 දී සියයට 84.99ක් වන අතර එය මෙවර සියයට 80ක් දක්වා සියයට 0.90ක අඩුවීමක් දක්නට ලැබේ.

මේ අතර මෙවර ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපතිධුර අපේක්ෂයන් දෙදෙනා නියෝජනය කරන දිස්ත්‍රිකය වන හම්බන්තොට දිස්ත්‍රිකයේ ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 80ව ඉක්මවා තිබේ.

එම දිස්ත්‍රිකයේ 2015 වසරේදී සියයට 84.13ක් වන අතර එය මෙවර සියයට 85ක් පමණ අතර අගයක් දක්වා අඩුවීමක් දක්නට තිබේ.

යාපනය දිස්ත්‍රිකයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ 2015 වසරේදී සියයට 66.28ක් වන අතර එය මෙවර සියයට 66ක් දක්වා සියයට 0.28ක අඩුවීමක් දක්නට ලැබේ.

මේ අතර වන්නි දිස්ත්‍රිකයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ 2015 වසරේදී සියයට 72.57ක් වන අතර එය මෙවර සියයට 74.34ක් දක්වා වැඩිවීමක් දක්නට ලැබේ.

මඩකලපුව දිස්ත්‍රිකයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ 2015 වසරේදී සියයට 70.97ක් වන අතර එය මෙවර සියයට 75ක් දක්වා වැඩිවීමක් දක්නට ලැබේ.

එමෙන්ම අම්පාර දිස්ත්‍රිකයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ 2015 වසරේදී සියයට 77.39ක් වන අතර එය මෙවර සියයට 80ක් දක්වා වැඩිවීමක් පෙන්නුම් කරයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ 2015 වසරේදී සියයට 76.76ක් වන අතර එය මෙවර සියයට 82ක් දක්වා වැඩිවීමක් දක්නට ලැබේ.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රිකයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ 2015 වසරේදී සියයට 82.98ක් වන අතර එය මෙවර සියයට 80ක් දක්වා සියයට 2.98ක අඩුවීමක් දක්නට ලැබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ 2015 වසරේදී සියයට 73.81ක් වන අතර එය මෙවර සියයට 75ක් දක්වා වැඩිවීමක් දක්නට ලැබේ.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More