පුරවැසි කොලම

ශ්‍රී ලාංකීය ජාතියේකේන්ද්‍රීය ප්‍රශ්නයජාතික ගැටලුව බව විජේවීරයන් හැත්තෑවේ දශකයේ සිටම අඛණ්ඩව අවධාරණය කළේය. ජාතික ගැටලුව පිලිබදව අයිතිහාසික කරුණු පර්යේෂණාත්මකව හදාරමින්, බෙදුම්වදයට එරෙහිව සටන් වැදීය යුතු උපාය මාර්ගික ප්‍රවේශය පිලිබදව ඔහු දිගින් දිගටම හඩ නැගිය. දෙමල බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටන වූ කලි ජාතිවාදය නොවන බවත්, දේශප්‍රේමී අරගලය වූ කලි අදිරාජ්‍ය විරෝධි අරගලයේ ජාතික කාර්ය භාරය බවත් ඔහු කිසිදු දෙගිඩියාවකින් තොරව අවධාරණය කළේය. ඒ 80 දශකයට මෙන්ම, ඊටත් වඩා අද දවසටද එය සත්‍යයක් බව, අන් කවරදාකටත් වඩා තහවුරු වන්නේ, ඊනියා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා, අදිරාජ්‍ය වාදී බලවේග, ආදරණිය මව්බිම කැබලි කිරීමේ කුමන්ත්‍රණයේ නියැලී සිටින නිසාය. නමුත් එදා ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව ජවිපෙ කල මැදිහත්වීම අද දවසේ ඇමරිකාවට එරෙහිව ජවිපෙන් දිස්වන්නේ නැත.

දේශපාලන නියාය බවිතාවට ගැලපීම පිලිබදව ඔහු අපට කදිම පඩමක්ද කියා දුන්නේ, ස්වයං තීරණ අයිතිය පිළිබද පොතේ ගුරු වාදී මිත්‍යාවට දැවැන්ත අබියෝගයක් එල්ල කරමිනි. පක්ෂ තහනම යටතේ වුවද, රහසිගතව සැගවී සිටින අතර, පර්යේෂණ හරහා ඉතිහාසයෙන් කරුණු ගෙන හැර ඔහු ඉදිරිපත් කල තිසිසය ‘ ජාතික ගැටලුවට විසදුම’, මේ වන තුරුද වෙනත් කිසි විද්වතෙක් හෝ දේශපාලන පන්ඩිතයකුට, කිරීමට නොහැකි වූ කටයුත්තකි. මේ වන විට නැවත නැවතත්, තහවුරු වූ එන ජි ඔ මාෆියාවේ කුමන්ත්‍රණ භූමිකාව, අනුකම්පා විරහිතව එල්ලිදරව් කලේ ඔහු බව එම තිසිසය මොනවට සාක්ෂි දරයි.

බෙදුම් වාදය, ජාතිවාදය හා බැදුණු, රටවල් කැබලි කර අස්ථාවර කිරීමේ අධිරාජ්‍ය වාදී උපාය මාර්ගය පරාජය කලයුතු ආකාරය පිලිබදව, මනා දෘෂ්ටියක්, ලාංකීය ධරනිතලය තලය තුල ප්‍රසස්ථ ලෙස ස්ථාපිත කළේය. එම කරුණු වල වලංගු භාවය , ඔහු ඝාතනය කර වසර 30ක් වන අද දින තව තවත් ඔප්පු වී ඇත.

මනා ඉදිරි දැක්මකින්, අනාගතය පුරෝකථනය කල මේ දේශපාලන දැවැන්තයාගේ මග පෙන්විමෙන් අවදි වූ ජාතික බලවේග, කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදය හා බැදුණු සියලුම යුදමය බලවේග තීරණාත්මක ලෙස පරාජය කිරීමට අඩිතාලම දැමිය. ඔහු ගොඩ නැගු දැවැන්ත ව්‍යාපාරය හා එහි නිසි මග පෙන්වීම නොවන්නට, 2000 දශකයේ එම ස්ථාවරය මත පිහිටා කටයුතු කල ජනතා විමුක්ති පෙරමුණ නොවන්නට, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පුර්ණ අනුග්‍රහය යටතේ රට දෙකඩ වී හමාරය. ඒ ගමන් මග කල් තබා ඉතාම නිවැරදි ලෙස හදුනා ගත් ආදරණිය නායකයා අද අප අතර නැත. ඉතිහාසයේ සරදම එය පමණක් නොව, ඔහු තම තාරුණ්‍ය කැප කොට, බින්දුවේ සිට ගොඩ නගා ආරක්ෂා කල, අවසානයේ තම ජිවිතය පවා පුජා කල පක්ෂය, අද එම කේන්ද්‍රීය භූමිකාවෙන් පලා ගොස් ඇත. එපමණක් නොව, පක්ෂයේ නිර්මාතෘවරයා හා ඉදිරි පෙළ නායකයන් අති බහුතරයක් මෙන්ම 60,000 සාමාජිකයන් බිලිගත් අධිරාජ්‍ය ගැති එක්සත් ජාතික පක්ෂයත් සමග විලි ලජ්ජ රහිත අවුර්තව හා විවුර්තව සන්දියවකටද එලබ ඇත. ජවිපෙට ඉතිහාසයෙන් උරුම කල හැර පද්දතිය බිද දමා ඇත. ඒ කැපකිරීම අතහැර ඇත. එය සදරණය කිරීමට ඇතුල් තාලයේ නියයන් පෙරදැරි කොට ගෙන එදා මෙන් කැප කිරීම් කල හැකි ජනතවක් ලක් පොලවේ නොමැති බව කියමින් තමන්ගේ හිත් රවට ගෙන ඇත.

එනිසාම බෙදුම්වාදී ඉලම් ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කල පසුබිමේ රෝහණ විජේවීරයන්ට හිමිවිය යුතු ඉතිහාසයේ සැබෑ ස්ථානය ඔහුට උරුම කර දීමට ඔහු ඇරබු දෙශපාලන පක්ෂයේ වත්මන් නායකත්වය අපොහොසත්ව ඇත.නැතිනම් එම යුතුකම පැහර හැර පලා ගොස් ඇත. ඉන් ඔබ්බටද ගොස්, 1988-1989 මර්ධනයේ ප්‍රධාන වගකීමද එදා ජවිපෙ සිටි නායකත්වය මත පටවා, එහි සැබැ වග උත්තර කරුවන් නිදොස් කිරීමටද, ඉතා සියුම් ලෙස, වත්මන් පරම්පරාවේ මනසට ඇතුල් කිරීමටද කටයුතු කරමින් ඇත. ඉතිහාසයේ සරදම එයය.

1983 පක්ෂ තහනමට පසු ජවිපෙ ගත් ක්‍රියාමාර්ග වලට විවේචන ඇති කෙනෙකුට වුවද, 1977 සිට එක්සත් ජාතික පක්ෂය ගෙනගිය දැවැන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධි මර්දනකාරී දේශපාලනයෙ ගොදුරක් බවට ජවිප පත්වීමේ ප්‍රධාන වග උත්තර කරුවන් ජවිපෙ නායකයන් නොවන බව වත්මන් ජවිපෙ නායකත්වයේ අගුටුමිට්ටන්ට නොතෙරේ.

වැරදුන විට නොපැකිල නිවැරදි වීමට අවැසි බව ඔහු අවසාන පැයේදී පාවා රුපවාහිනිය හරහා ජාතිය අමතා අවධාරණය කල අතර පොතේ ගුරු වාදීන් නොවන ලෙසද, ජාතිය වෙනුවෙන් නම්‍යශීලී වනලෙසද ඉල්ලා සිටියේය. එදාජවිපේ දෙශපාලන මණ්ඩලයේ සිටි මස් රාත්තලම ඉල්ලු ශයිලොක්ලා කීපදෙනෙකු, විජේවීරයන් ගමනයකයන් ඇතූළු උදාර මිනිසුන් සමගම ජාතියට සතුවිය යුතුව තිබු ජයග්‍රහණ රාශියක් අහිමි කරමින් ජවිපෙද යුදමය අවසානයකට කැදවාගෙන ගියේය. එදා ද ජවිපෙ දෙශපාලන මණ්ඩලය තුල ‘ බහුතර තීරණයට’ යට වීමට ඔහුට විදුවිය. මේ බව හොදින් සනාථ වන්නේ අවසාන දෙශපාලන මණ්ඩල රැස්වීමේදී විජේවීරයන් පැවසු බවට මා සමග ජවිපෙ මාතර හිටපු මන්ත්‍රී ජිනදාස කිතුලේගොඩ පැවසු කරුණකි. එනම් ‘ මේ සිදුවෙමින් පවතින දේ යම් හෙයකින් හෝ සාර්ථක වුවොත් ලෝකයේ කිසිම තැනක මේ දෙය අත්හදා නොබැලිය යුතු බවයි’. ඔහු අවසාන් කතාවේ සියල්ල යලි අලුතින් සලකා බලන ලෙස සදහන් කලේ එබැවිනි.

1977 සිටම පැවතී, මර්ධනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධි දෙශපාලන පසුබිම තුල වුවද ඉතිරි කල සෑම ඉඩකඩක්ම බවිතා කොට ජවිපෙ හා සියලු දේශප්‍රේමී බලවේග එකට එකතු කිරීමට හැම උත්සාහයක්ම දැරිය. 1978 දී වමේ පක්ෂ පහක් සමග සන්දනයක් ගොඩ නගමින්ද, 1983 තහනමින් පසුව වුවද, ශ්‍රී ල නි පය සමගද අත්වැල් බැද ගනිමින් ජයවර්ධන ආණ්ඩුව 1982 ජනමත විචාරණය හරහා කල්දැමූ මහා මැතිවරණය ඉල්ලමින්, එම මැතිවරණය සමග ජනාධිපතිවරනයද එකට තබන ලෙස බල කරමින් සාමකාමිව කටයුතු කළේය. ජවිපෙ දඩයම ඇරබෙන්නේ 1985 දී අනුරාධපුර කාර්මික විද්‍යාලයේ නිරායුද සරත් ගාතනය වීමෙනි. සත්‍යපාල වන්නිගම පහරගන්නේ මරාදමන්නේ ඔහු එළිපිට ජිවත්වන විටදීය.

1994 දී නැවත විවුර්ත දේශපාලනය ට අවස්ථාව ලද ජවිපෙ දේශප්‍රේමී අරගලය වූ කලි අදිරාජ්‍ය විරෝධි අරගලයේ ජාතික කාර්ය භාරය බව තේරුම් ගෙන දේශපාලනයේ නිරත විය. එහි උපරිම ප්‍රතිපලය ජනතවට මෙන්ම ජවිපෙටද ලැබිණි. 2000 දී ලැබුන චන්ද ලක්ෂ පස (6%) සමග ආසන 10 , 2001 දී චන්ද ලක්ෂ අටක් (9%) වඩා එහාට ගිය චන්ද ප්‍රමාණයද වර්ධනය වී, 2004 දී ජනතාව ජවිපෙට අසන 41 පුද කළේය.
ජවිපෙ වැටීම අරබෙන්නේ ඉන් පවුවය. විජේවීරයන් බිහිකළ පක්ෂයේ මුලිකම අරමුණට එරෙහිව යුද්දයට කුහකකම් කිරීම අරබමිනි. මෙමෙ දේශපාලන අපගමනය හරහා ජවිපෙ ජන පදනම දෙදරා ගියේය.
මෙම පසුබිම තුල වසර 30කට පසුව සැමරෙන ඔහුගේ ජිවිත පුජාවට ලැබෙන ගෞරවය අහිමි කිරීම සම්බන්දයෙන් ජවිපෙ වත්මන් නායකත්වය වග කිව යුතුය.

එහෙත් ඒ ඉතිහායේ සුවද දන්නා පැරැන්නන් සීමිත ප්‍රමාණයක් හෝ මේ රටේ ඇත. එහෙත් එම සීමිත හෝ සොදුරු මිනිසුන්ට එදාජවිපෙ හා එහි නායකත්වය ජාතිය වෙනුවෙන්, ඒකීය රාජ්‍යය වෙනුවෙන්, පෙනී සිටීමේ යුතුකමැ හා වගකීමට ගෞවරය පිදීමට ඉඩ කඩ අහුරා ඒ ඉකිතිහසයද හැල්ලු කර ඇත.

එහෙත් එදා කෘර පාලනයට අධිපතියන් වූ ජයවර්ධන, ප්‍රේමදාස, වික්‍රමසිංහ ආණ්ඩුව පලවා හැරීමටද, ඒ හරහා 1994 දී යලි චන්දයක් දින ගැනීමට දිවිපිදු විජේවීරයන් ඇතුළු 60,000 ජනතාවට අමතක ඉඩදීම කිසිසේත් කල නොහැක.

එම අහිමි කල උරුමය වෙනුවෙන්, තමන් ඉන්න තැන කුමක් වුවද, ජාතික බලවේග පෙලගස්සවිමට හා සමගි කිරීමට, එම මෙහෙවර හා සම්බන්ද වීමට මට ඔලුවක් හා පපුවක් මෙන්ම කොන්දක්කද ඇති සැම දෙන පෙළ ගැසිය යුතුය. විජේවීරයන් ඇතුළු මව්බිම වෙනුවෙන් දිවිදුන් ඒ සැම දෙන සැමරීමට හැක්කේ ඒ අයුරින් පමණකි.

මහාචාර්ය අතුල සුමතිපාල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More