කලා පුවත්

විශිෂ්ට රංගවේදියකු, සම්මානනීය ගායකයකු, මානව හිතවාදී දේශපාලනඥයකු මෙන්ම රිදී තිරය බැබළවූ ජනප්‍රිය සිනමා තරුවක් වූ විජය කුමාරතුංගයන් අපෙන් සමුගෙන අදට (16දා) තිස් වසරක් සපිරේ.
1969දී හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජයව ප්‍රකට පත්‍රකලාවේදියකු වූ ඩෙන්සිල් පීරිස් හඳුන්වා දී තිබුණේ “70 දශකයේ සිංහල පෙම්වතා” ලෙසය.
විජය කෙටිකලකින් ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් අතර කලාත්මක හා විනෝදාත්මක සිනමාවට නැතුවම බැරි නළුවෙක් බවට පත්විය.
බඹරු ඇවිත්, කැඩපතක ඡායා, මහගෙදර, පාරදිගේ, මරුවා සමඟ වාසේ, අහස් ගව්ව, මධුසමය, පොඩි මල්ලි වැනි කලාත්මක චිත්‍රපටවල මෙන්ම ආදරෙයි මං ආදරෙයි, සංගීතා, ජය අපටයි, තුෂාරා, ජය සිකුරුයි, ඔබටයි ප්‍රියේ ආදරේ, නැවත හමුවෙමු, නොම්මර 17 වැනි විනෝදාත්මක චිත්‍රපටවල රංගනයෙන් විජයලෝලී රසික හමුදාවක් ගොඩනඟා ගැනීමට ඔහුට හැකිවිය. වම් ඉවුරේ සිනමාකරුවකු වූ ධර්මසේන පතිරාජටත්, රසසාගර සිනමාකරුවකු වූ යසපාලිත නානායක්කාරටත් නැතුවම බැරි නළුවකු බවට විජය පත්ව සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More