මුහුණු පොතෙන්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් සුදු වෑන් රථවලින් මිනිසුන් පැහැරගෙන ගොස් වධ දී මරා දැමූ බවත්, සුදු වෑන් රථයක රියෙදුරෙකු බව කියමින් එක්තරා පුද්ගලයෙකු සමග අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිදු කළ ප්‍රකාශ මුළුමනින්ම ගොතන ලද සාවද්‍ය ප්‍රකාශ බවට මේ විට තහවුරු වී තිබේ.

තමා විසින් පැදවූ සුදු වෑන් රථයෙන් පැහැරගත් පුද්ගලයන් මරා අසල පිහිටි වැවක කිඹුලන්ට කෑමට දැමීමට පෙර රදවා තබාගෙන වධ හිංසා සිදුකළ මොණරාගල ප්‍රදේශයේ පවත්වාගෙ ගිය වධකාගාරයක යැයි කියමින් අදාල පුද්ගලයා ඡායාරූපක් ද මාධ්‍ය හමුවේ පෙන්වා සිටි අතර, එහි දැක්වුණු ස්ථානය සොයාගෙන හිරු රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තොරතුරු විමසීමක් සිදුකර ඇත.

එහිදී ප්‍රදේශවාසීන් විසින් අනාවරණය කර ඇත්තේ එම ස්ථානය 1989-90 භීෂණ සමයේ ප්‍රේමදාස ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය වධකාගාරයක් බවයි. රජයේ නිල නිවසක් වන මෙය මේ වන විට ඉතාම ජනාකීර්ණ ස්ථානයක් වී ඇති අතර චෝදනා කරන ආකාරයේ වධකාගාරයක් එම ස්ථානයේ 2009 තරම් මෑතකාලීනව කිසිසේත්ම පවත්වාගෙන යා නොහැකි බව පවසන ගම් වැසින් මිනී කන කිඹුලන් සිටින වැවක් අහලකවත් නොමැති බවද කියා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More