පුරවැසි කොලම

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ප්‍රධානතම අපේක්‍ෂකයන් රටේ ජාතික ආරක්‍ෂාව ගැන ප්‍රකාශ කර ඇත. එහෙත් පසුගිය සිව් වසර තුළ ජාතික ආරක්‍ෂාව නොසලකා හැරියේය.

මෙම කාලසීමාව තුළ ජාතික ආරක්‍ෂාව බිඳවැටීමට මුල් වූ හේතුව අපි අද හෙළිදරව් කරන්නෙමු.

1. යුද හමුදාවේ බුද්ධි සේවාවට රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්වීම.

2. බුද්ධි ප්‍රධානියකු ධුරයෙන් ඉවත් කිරීමට ජනපතිට බල කිරීම.

3. ජාත්‍යන්තර කොටි සංවිධාන 12 ක තහනම ඉවත් කිරීම

4. විදේශ රටවලට පැනගිය කොටි විවිධ නම්වලින් උතුරට පැමිණීම

5. කොටි හිතවාදී විදේශගත දේශපාලකයන්ට ශ්‍රී ලංකාවට ඒමට ඉඩදීම.

6. තමිල්නාඩු දේශපාලකයන්ට උතුරේ දොර විවෘත කිරීම.

7. ව්‍යාජ සංහිඳියා ක්‍රියාමාර්ගය

8. හමුදාව ගැන සෙවීමට විදේශ ගැති රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් පත් කිරීම

9. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට රජයේ කටයුතුවලට මැදිහත්වීමට ඉඩ දීම.

පාස්‌කු ප්‍රහාරය සිදුවූයේ රටේ ආරක්‍ෂක අංශ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා නොකිරීමයි. එසේම ජාතික ආරක්‍ෂාවට Rජුව මැදිහත්වීමට රජය ඉඩ දුන්නේ සතුරන් පිරිසකටය. ඒ ඩොලර් අරමුදල් ලබන එන්. ජී. ඕ. ප්‍රධානීන්ය. වන්නි මෙහෙයුම නිමාවී 2015 නව රජයක්‌ පිහිටුවීමෙන් පසු මෙරට පාලනයට මැදිහත්වූයේ මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ය. ඇතැම් එන්ජීඕ ප්‍රධානීන්ට ස්‌විට්‌සර්ලන්තයේ සංචාරද හිමි විය. මේ තත්ත්වය මැද ලොව කිසිදු රටක්‌ තම ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීමටත් බුද්ධි ප්‍රධානියකු ඉවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින්ට ඉඩදේද? එහෙත් මෙරට සිදුවූයේ එම අවසානාවන්ත තත්ත්වයයි. දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වූ මේ එන්ජීඕ ක්‍රියාකාරීහු 72 ක්‌ ආරක්‍ෂාවට ද අත තබා ඇත. එහි ප්‍රතිඵලය භයානක විය. පාස්‌කු ඉරිදා ප්‍රහාරය ඊට නිදසුනකි.

2015 පැවැති රජය සංහිඳියාව හමුදාව තුළට රිංගුවේය. හමුදා කණ්‌ඩායමක්‌ රුවන්ඩාවට ගොස්‌ එරට සංහිඳියා ක්‍රියාමාර්ග ගැන විමසනු ලැබීය. එහෙත් සතුරන් අවස්‌ථාව එනතුරු බලා සිටින බව හමුදාව අවබෝධ කර ගත්තේ නැද්ද?

මේ රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌ කොටි පාලන සමයේ කොටින්ට සහය දැක්‌වීය. කොළඹ එක්‌ සංවිධානයක්‌ කොටින්ට අත්වාරු ලබා දුන්නේය. විදේශ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ ද කොටින්ට උදව්දීමට ක්‍රියා කරනු ලැබීය.

මේ නිසා රාජ්‍ය නොවන සංවිධානවල නීතිවිරෝධී ක්‍රියා හෙළි වීම නිසා එම සංවිධාන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට නතු විය. එහෙත් වත්මන් රජය රාජ්‍ය නොවන සංවිධාන ආරක්‍ෂක අමාත්‍යාංශය පාලනයෙන් ඉවත් කෙරුණි.

මේ නිසා ජාතික ආරක්‍ෂාව වනසා දැමීමට හෝ ඊට එරෙහිව ක්‍රියා කිරීමටද එන්ජීඕ ප්‍රධානින්ට හැකි විය. මේ බව තහවුරු වූයේ මේ එන්ජීඕ ක්‍රියාකාරීන් හමුදාවට එරෙහිව තොග පිටින් පෙත්සම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑවීමට ක්‍රියා කිරීමයි.

එසේ වුවත් රජය නිහඬ විය. මෙහි ප්‍රතිඵලය වූයේ හමුදා ප්‍රධානීන් 58කට යුද අපරාධ චෝදනා එල්ල වීමයි.

මේ අයහපත් තත්ත්වය වර්ධනය වී ශ්‍රී ලංකා සාමසාධක බලකායේ සියයට 25 ක්‌ තහනමට ලක්‌ විය. එසේ වුවත් රජය මේ රාජ්‍ය නොවන සංවිධානවලට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඉඩ දී තිබේ. එසේම මෙම එන්ජීඕ සංවිධානවල ඇතැම් පාර්ශ්ව තවත් මාධ්‍යවේදීන් ලෙස ජනතාව රවටති. ඇතැම් පාර්ශ්ව විදේශ රටවල බෙදුම්වාදී අර්බුදවලටද Rජුව මැදිහත්වෙති.

මෙයට කලකට පෙර එක්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ නැගෙනහිර ටිමෝරයට සහය පළ කිරීම සඳහා ඉන්දුනීසියාවට පැමිණි අවස්‌ථාවේ ඔහු ආපසු මෙරටට පිටුවහල් කරනු ලැබීය. තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියෙක්‌ තමන්ට මරණ තර්ජන එල්ලවී ඇති බවට දැක්‌වෙන ලැයිස්‌තුවට නම ඇතුළත් කර ඇමරිකාවට පැන ගියේය. ඉන්පසු ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේය. ඊට පසු ඔහු සාධාරණ සමාජය නමින් අටවාගත් සංවිධානයකට සම්බන්ධ විය. ඉන්පසු ඔහු රජයේ පුවත්පතකට රිංගුවේය. මේ මෙරට එන්ජීඕ ක්‍රියාකාරීන්ගේ තක්‌කඩි වැඩය. එහෙත් අතීතය වසන් කර ඇත.

මෙවන් පසුබිමක්‌ මැද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු මෙරට ආණ්‌ඩු පහ කිරීම, ජනපති පහ කිරීම. හමුදාපති හා බුද්ධි ප්‍රධානියා කිරීම සහ පොලිස්‌පති පහ කිරීමද තමන්ගේ රාජකාරියක්‌ යෑයි සිතා ක්‍රියා කරති. එසේම මේ සතියේ රාත්‍රියේ විද්යුත් නාලිකාවක ප්‍රවෘත්ති විකාශයක්‌ තුළ එක්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු පැවසුවේ මෙරට රණවිරු ගායක්‌ ඇතිවී තිබෙන බවයි. එහෙත් මොහු අද නිදහසේ ගමන් කරන්නේ රණවිරුවන් නිසා බව ඔහුට අමතක වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More