ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ හමුවීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කර ඇතත් වන ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම් සැලකිල්ලට නොගෙන ඇති බව වාර්තාවෙයි.
හමුවීමට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලීම් කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතා දුරකතනය හරහා ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට කිහිප විටකදීම උත්සාහ කර ඇතත් ජනාධිපතිවරයා විසින් දුරකතනයට පිළිතුරු දීමට හෝ කටයුතු කර නැත.
ඒ අනුව අද ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන පොහොය දින වැඩසටහනටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.
අද දිනය ඇතුලත ජනාධිපති මෛත්‍රීපාල සහ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව අද පස්වරුවේ පොළොන්නරුවේ පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතාගේ ජනහමුවකට ජනාධිපතිවරයා ගොඩවෙනු ඇති බවත් මාධ්‍ය ගණනාවකටම එක්සත් ජාතින පක්‍ෂ පාර්ශවයෙන් පුවත් ලබා දී තිබිණ.
ජනාධිපතිවරයා අද පස්වරුවේ පොළොන්නරුවට යාමට නියමිතව ඇතත් ඒ යන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ වීමට නොව පොළොන්නරුවේ ඉදි කරන ලද කෞතුකාගාරයක කොටසක් විවෘත කිරීම සඳහාය.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා බලාපොරොත්තුවෙන් සිටි ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු සහයෝගයක් මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබාගැනීමට නොහැකි වී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන්න කාල සීමාවේදී අවස්ථා ගණනාවකදීම කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරන ආණ්ඩුවට හෝ ඔහු අගමැති කරවන පුද්ගලයෙකුට තමන් කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...