පුරවැසි කොලම

තුන් හෙළ ජාතික ව්‍යාපාරය හුදෙක් නිර්පාක්ෂිකයි රටට විදේශ බලපෑම් එල්ලවන මොහොතක රටේ ජාතික ආරක්‍ෂාව දියාරු වී යන මොහොතක රටේ ආර්ථිකය දුර්වල වී ජනතාව දැඩි අසරණභාවයට පත්ව ඇති අවස්ථාවක ඒ තත්ත්වයෙන් රට ගලවා ගැනීම ජාතික දේශපාලනය අරමුණගත් ජාතික ව්‍යාපාරයක වගකීමක් වනවා එබැවින් මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. එබැවින් මේ අවස්ථාවේ අප තීරණය කළා. නිර්පාක්ෂික අපේක්‍ෂක ගෝඨාභය මහතාට සහාය ලබා දෙන්න.

රුහුණු, මායා සහ පිහිටි යන තුන් හෙළයම ඒකරාශී කොටගෙන ශ‍්‍රී ලාංකේය දේශපාලන ආගමික ආර්ථික අධ්‍යාපනික හා සංස්කෘතික සියලූ අංශයන් කෙරේ සුවිශේෂි අවධානයක් යොමු කරමින් රට ඉදිරියට ගන්නට නිවැරදි ආශිර්වාදයක් දෙන ජාතික සංවිධානයක් ලෙස ‘‘තුන් හෙළ ජාතික ව්‍යාපාරය’’ හඳුන්වා දිය හැකියි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී තුන්හෙළ ජාතික ව්‍යාපාරය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන්නට පසුගිය දා රැුස්වූ එහි විධායක සභාව තීරණය කළා. තුන් හෙළ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ වත්මන් සභාපති ශ‍්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක හා ප‍්‍රධාන ලේඛකාධිකාරී අති පූජ්‍ය ශාස්ත‍්‍රපති ඕමාරේ කස්සප අනුනාහිමියන් සම`ග කළ සාකච්ඡුාවයි මේ……

තුන් හෙළ ජාතික ව්‍යාපාරය වැනි ජාතිකමය වශයෙන් වැදගත් සංවිධානයක් ආරම්භ කිරීමේ මූලික අරමුණ වූවේ කුමක්ද?

මේ සඳහා අරමුණු එකක් නොව අරමුණු රැුසක් බලපෑවා. මේ රටේ පැවැත්මටත් එහි විවිධ වූ සංවර්ධන කාර්යයෙහිත් කළ යුතු හා කළ හැකි දායකත්වය වඩාත්ම සංවිධානාත්මකව හා පුළුල්ව ඉටු කිරීම අපේ පළමු අරමුණයි. රටේ ජනතාවගේ දියුණුවට අභිවෘද්ධියට අතහිත දීම අප සංවිධානයෙහි තවත් අරමුණක්. මෙරට ජීවත්වන ජනතාවගේ ජීවත්වීමට හා දිවි පැවැත්මට අදාළ ජනමූල සාධක වශයෙන් ස්වාභාවික අව්ව, වැස්ස සුළ`ග, ජලය, පස හා වන සම්පත සුරැුකීමත් පරිසරය ආරක්‍ෂාකොට සංරක්‍ෂණය කිරීමත් තුන් හෙළ ජාතික ව්‍යාපාරයෙහි අරමුණු වනවා. මහ පොළොවට හිතකර මෙන්ම ජනතාවගේ දිවි පැවැත්මට හා සතා සිවුපාවගේ පවා ජීවත්වීම සඳහා හේතුවන කෘෂි කර්මාන්තය වස විසෙන් තොර ඖෂධීය ජීව ගුණයෙන් යුතුව සංරක්‍ෂණය කොට පවත්වාගෙන යාමට රජයට සහ ජනතාවට ම`ග පෙන්වීම අප ජාතික ව්‍යාපාරයේ තවත් අරමුණක් වනවා.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කරනු ලැබුවේ කුමන කරුණු පදනම් කොට ගෙනද?

තුන් හෙළ ජාතික ව්‍යාපාරයෙහි විධායක සභාව

පසුගිය දා රැුස්වී මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළා. තුන් හෙළ ජාතික ව්‍යාපාරය හුදෙක් නිර්පාක්ෂිකයි රටට විදේශ බලපෑම් එල්ලවන මොහොතක රටේ ජාතික ආරක්‍ෂාව දියාරු වී යන මොහොතක රටේ ආර්ථිකය දුර්වල වී ජනතාව දැඩි අසරණභාවයට පත්ව ඇති අවස්ථාවක ඒ තත්ත්වයෙන් රට ගලවා ගැනීම ජාතික දේශපාලනය අරමුණගත් ජාතික ව්‍යාපාරයක වගකීමක් වනවා එබැවින් මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. එබැවින් මේ අවස්ථාවේ අප තීරණය කළා. නිර්පාක්ෂික අපේක්‍ෂක ගෝඨාභය මහතාට සහාය ලබා දෙන්න. ජනාධිපතිවරණයට බැස සිටින එතුමා අදහස් අතින් ගැඹුරක් ඇති එඩිබල සම්පන්න ප‍්‍රතාපවත් පෞරුෂයක් ද ඇති ජනතාවට රටට හා ආගමට සැබෑවට ආදරය කරන එකම නායකයායි. එබැවින් එතුමන්ගේ ජයග‍්‍රහණය තකා අප ඇප කැප වී සිටිනවා.

මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක ජනාධිපතිවරණයක් වශයෙන් හඳුන්වන්නේ මක් නිසාද?

ඇත්තෙන්ම මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. ඡුන්දදායකයින් බුද්ධිමත්ව මෙවර නායකයා තෝරා නොගතහොත් රටම අනාථයි මේ අවසන් අවස්ථාවයි. ආදි මුතුන් මිත්තන් අපට උරුම කර දුන් මේ රට අපෙන් පසු මතු පරපුර සඳහා ආරක්‍ෂා කර තැබීමේ පරම යුතුකම සහ වගකීම අප මත මෙවර පැවරී තිබෙනවා. අප ගන්නා මේ තීරණය මුළු රටටම බලපානවා. සියලූ ජාතීන්ට විශේෂයි. සම්බුද්ධ ශාසනයේ පැවැත්මට විශේෂයෙන්ම බලපාන මේ ජනාධිපතිවරණයේදී කල්පනාකාරීව නිවැරදිව තීරණය ගැනීම කළයුතු බව දැඩිව අවධාරණය කරන්න කැමතියි. එසේ නොකළහොත් රට ආරක්‍ෂාවීමට වඩා දියුණුවීමට වඩා රට විනාශවී යාමේ අවදානම අතිශයින්ම වැඩියි.

උතුරේ දේශපාලන පක්‍ෂ ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ මතය කුමක්ද?

මේ යෝජනා මෙරට ආගමික සංහිඳියාව බිඳලන්නට හේතුවනවා. එසේම ජාතික සමගියටද බාධාවකි. මේ රටේ දෙමළ මුස්ලිම් හා සිංහල ජාතීන් අතර වන සංහිඳියාවට හා සමගියට ප‍්‍රබල බාධකයකි. මේවා රටේ ඒකීය භාවය බිඳ හෙළීමට හේතුවන්නාවූ යෝජනාය. එදා ප‍්‍රභාකරන් ත‍්‍රස්තවාදී කණ්ඩායම අවියෙන් කරන්නට හැදුවේ දෙමළ රාජ්‍යයක් බිහි කර ගැනීමටයි අද මේ උතුරේ දේශපාලන පක්‍ෂ හා ආගමික අන්තවාදීන් උත්සාහ කරන්නේ ප‍්‍රභාකරන් තුළ පැවැති එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමටයි. රටේ ජනතාවගේ සමගිය එකමුතුකම, සහජීවනය, සංහිඳියාව අපේක්‍ෂා කරන කවරෙකු වුවද මේ යෝජනාවලට එක`ගවන්නේ නැහැ. එබැවින් තුන් හෙළ ජාතික ව්‍යාපාරය මෙම යෝජනා ඉතාම පිළිකුලෙන් දැඩිව බැහැර කරනවා.

උතුරේ ආගමික අන්තවාදීන්ගේ ක‍්‍රියා කලාපය ජාතික සංවිධානයක් වශයෙන් තුන් හෙළ සංවිධානය දකින්නේ කුමන වූ දෘෂ්ටි කෝණයකින් ද?

උතුරේ ආගමික අන්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් වරින්වර ප‍්‍රදර්ශනය වුණා. මෙරට පුරා විද්‍යාත්මක ස්ථාන මුළුමනින්ම ඩෝසර් කළ අවස්ථා අප දැක්කා. මේ ආකාරයකට පුරාවස්තු විනාශ වුණා. ගුරුකන්ද විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ ආදාහනයට විරෝධය පළ කළ ආකාරය ලෝකයාම දුටුවා. ඉතිහාසයේ පැවැති බෞද්ධ, හින්දු, ඉස්ලාම් සංහිඳියාව අද විනාශ වෙලා. එමෙන්ම මූදු මහාවිහාරයේ භූමිය ආක‍්‍රමණය කිරීමද පාරම්පරික උරුමය වනසන බවට කදිම සාධකයක්. මේ රට තුළ ගොඩනැෙ`ගන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. පසුබිමක්. මේ අන්තවාදීන් උත්සාහ කරන්නේ ජාති, ආගම් අතර ගැටුම් ඇති කරන්නටයි. එය පරාජය කළ යුතුයි. අපි සැමගේම බලාපොරොත්තුව එයයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමෙන් ශ‍්‍රී ලාංකේය ජනතාවගේ පැතුම් ඉටුවේයැයි අදහස් කරනවාද?

ඇත්තෙන්ම ඔව් ජනතාවගේ සියලූ ප‍්‍රාර්ථනාවන් ඉටු කරන බවට අපට විශ්වාසයි. එතුමා ඉටු කරන්නට බැරි පොරොන්දු දෙන්නේ නැහැ. ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් අවු: 30 ක සාපලත් යුද්ධයේ, ජයග‍්‍රහණයේ ප‍්‍රධාන වගකිවයුතු කාර්ය භාරයක් ඉටු කළා. ඊළ`ගට නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස අති විශිෂ්ට සේවාවක් ඉටු කරමින් කොළඹ නගරය පළමු තැනට ඔසවා තැබීමේ ජයග‍්‍රාහී පියවර තැබුවා. එතුමාට යම් කිසි වගකීමක් පවරුවොත් එය නොපිරිහෙළා මනා කැප කිරීමෙන් හා ඇපවීමෙන් මැනවින් ඉටු කළ හැකි බව ලෝකයාටම පෙන්නුම් කළා. එතුමා ප‍්‍රතාපවත් පෞරුෂයකින් හෙබි ශ්‍රේෂ්ඨ මවුපිය සහෝදර සහෝදරියන් හා සශ‍්‍රික අඹුදරුවන් ඇති පිරිපුන් නායකයෙකු ලෙසයි මා දකින්නේ, අනුන්ට ගරහන්නේ නැති අපහාස නොකරන උත්තුංග ගතිගුණවලින් යුත් විශිෂ්ටයකු වන එතුමාගෙන් මේ රටට ජාතියට සමයට උසස් සේවාවක් ලැබේ යැයි උදක් ම මා විශ්වාස කරනවා.

සාකච්ඡා කළේ – මත්තේගොඩ කුලවර්ධන ලේකම්ගේ
Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More