දේශීය පුවත්

ජනාධිපතිවර‍ණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන්නට දෙමළ ජාතික සන්ධානය ගත් ක්‍රියාමාර්ගය තරයේ ප්‍රතික්ශේප කරන බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසයි.

යාපනය විශ්ව විද්‍යලීයශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පවසා ඇත්තේ තම ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය වෙනුවෙන් කිසිදු ජනාධිපති අපේක්ෂයෙකු කැමැත්ත පළ කොට නොමැති බැවින් තම ශිෂ්‍ය සංගමය කිසිදු ජනාධිපති අපේක්ෂයෙකු වෙනුවෙන් සහයෝගය නොදැක්වීමට තීරණය කොට ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානයද විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය, විශ්ව විද්‍යාලසිසුන්, උතුරේ අනෙකුත් දේශපාලන පක්ෂ හා උතුරේ අහිංසක ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස වෙත ඡන්දය ලබාදීමට එකඟ වී ඇති බව විශ්වවිද්‍යාලීය කලා පීඨයේ ශිෂ්‍ය සංග‍මයේ නියෝජිතයන් පවසයි.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු පළාතේ දේශපාලන පක්ෂ පහක එකඟතාවයෙන් යුතු යෝජනාවලියක් දකුණේ ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කොට තිබිණි. ඒ වෙනුවෙන් කැමැත්ත දක්වන අපේක්ෂකයන්ට සහාය දකවන බව පැවසු දෙමළ ජාතික සන්ධානයථ පටු දේශපාලන වාසි වෙනුවෙන් දෙමළ ජනතාව පාවා දෙමින් කටයුතු කරමින් සිටින බව යාපනය විශ්වවිද්‍යාල‍යේ කලා පීඨයේ සභාපති ආර්.ගිරිදරන් පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවර උතුරේ ජනතාව වෙනුවෙන් පොදු දෙමළ දේශපාලන අපේක්ෂයෙකු ඉදිරිපත් කළ යුතු බවට යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය උතුරේ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානය පැවසුවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනාගත හැකි දකුණේ නායකයකු ජනාධිපති කරවීමට කටයුතු කරන බවයි. එහෙත් ‍එලෙස පොරොන්දු ලබාදුන් දෙමළ ජාතික සන්ධානය දෙමළ පොදු අපේක්ෂයෙකු පත් කිරීම පසෙක දමා තම තමන් වෙනුවෙන් දේශපාලන වාසි ලබා ගනිමින් කටයුතු කරමින් සිටින බවද ඔහු පවසා ඇත.

දෙමළ ජාතික සන්ධානය නායකයන් සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය ලබා දීමට ගෙන ඇති ක්‍රියාව දේශපාලන වාසි වෙනුවෙන් ලබාගත්තක් මිස, දෙමළ ජනතාව‍ වෙනුවෙන් ලබාගත් තීරණයක් නොවන බවද විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සාමාජිකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More