ලොව කිසිදු රටක් ප්‍රධාන ජාතියේ ආශිර්වාදය නොමැතිව දියුණු වී නොමැති බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව දැනුවත් කිරිමේ ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
“අපි හිටගෙන ඉන්නේ හරි පැත්තේ. අපි හිටගෙන ඉන්නේ රටේ පැත්තේ.
ප්‍රධාන ජාතියේ ආශිර්වාදය නැතුව, ප්‍රධාන ජන කොටසගේ කැමැත්ත නැතුව කිසිම රටක් දියුණු වෙලා නෑ.
මේ රටේ සියයට හැත්තෑ හතරක් සිටින සිංහල ජනතාවගේ කැමැත්ත තියෙන්නේ ගෝඨාභයට.
එහෙනම් අපි බෙදා බෙන් කරගෙන වෙනම ජීවත් වෙනවාද? සියලු ජන කොටස් එක්ක සහෝදරත්වයෙන් ඒ නායකයොත් එක්ක එකතු වෙලා රට දියුණු කරලා ඒකේ ප්‍රතිලාභ ගන්නවාද?
ඒ වෙනුවෙන් තමයි අපි මේ පෙනී ඉන්නේ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...