දේශීය පුවත්

ජනාතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළ‍ඹෙන 16 වෙනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබන්නේ මහ පොළවට පය ගසා ජීවත්වන දුගී දුප්පත් අසරණ ග්‍රාමීය හා නාගරික ජනතාව බවද සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේ පොතුවිල්, අඩ්ඩාලාචෙනෙයි  පොදු ක්‍රීඩාංගනයේ පැවති ජන රැළියට ඊයේ (09) දින රාත්‍රියේදී එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මෙසේද පැවසුවා. “අපේ රට එක්සේසත් රටක්. ඒකීය ශ්‍රී ලංකාව තුළ රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ජනතා පරමාධිපත්‍යයට මුල්තැන ලබා දෙන ශක්තිමත් රාජ්‍යයක් තමන්ගේ නව ගමන තුළින් නිර්මාණය කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More