වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500ක් දක්වා වැඩි කරන බවට පොරොන්දු ලබා දුන්නද එය කිසිසේත් ප්‍රායෝගිකව සිදුකළ නොහැකි කටයුත්තක් බවට වත්මන් ආණ්ඩුව විසින්ම පෙන්වා දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ගම්පොල නගර මධ්‍යයේ ඊයේ පැවති ජාතික ජන බලවේගයේ ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“පසුගිය මාර්තු මාසේ වතු කම්කරුවෝ දවසකට රුපියල් 1000ක් ඉල්ලලා අරගලයක් කළා. ඒ අරගලයට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ. එතකොට සජිත් කොහෙද හිටියේ? එතකොට සජිත් හිටියෙත් මේ ආණ්ඩුව ඇතුලේ. එතකොට සජිත් කැබිනට් ඇමති. එතකොට මේක දෙමු කියලා යෝජනාවක් කළාද? වතු කම්කරුවෝ හම්බෙන්න ගියාද? දැන් 1500ක් දෙනවලු. 1500 නෙවේ ඉල්ලපු දාහ දුන්න නම් ඉවරනේ. ඡන්දෙ ගන්න පොරොන්දු දිදී යනවා කෙළවරක් නැතුව. සජිත්ට රට හදන්න දෙන්න කියන්න අයිතියක් නෑ. මොකද එක්සත් ජාතික පක්ෂය මේ රට අවුරුදු 36කට වඩා පාලනය කළා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...