දේශීය පුවත්

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ජනපති, අගමැති නීතිපති ඇතුළු රජයේ බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඊයේ (8 වැනිදා) නම් කෙරිණි.

බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මූර්දු ප්‍රනාන්දු, එස්. කුරෙයිරාජා හ ගාමිණී අමසේකර විනිසුරු මඬුල්ලට ඇතුළත් වෙති.

පෙත්සම් විභාගය මෙම 13 වැනිදා පැවැත්වේ.

එම ගිවිසුම්වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය ඇතුළු වෛද්‍යවරු තිදෙනෙක් සහ බෙංගමුවේ නාලක අනුනායක හිමි ඇතුළු තවත් තිදෙනෙක් එක්ව පෙත්සම් 02ක් ගොනු කර ඇත.

අනෙක් පෙත්සම්කරු නීතිඥ හර්ෂණ වේරදුවගේය.

විභාගය සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබුවේ පෙත්සම්වලින් කර තිබූ ඉල්ලීමකට අනුවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More