ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නම් පක්ෂයේ වයස්ගත පුද්ගලයින් සියල්ල ඉවත් කර තරුණ තරුණියන් බඳවා ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැත්වූ ජනරැලියකදී ඇය මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද පැවසීය.
“2015 අපි ගෙනාපු අය අපේ සිහින බොඳ කළා. මට බැනපු අය… සිරිසේන දිනුවට පස්සේ කියනවා දණ ගාගෙන ඇවිත් සමාව ගන්නම් අපිව ආපහු අරන් ඇමතිකම් දෙන්න කියලා.
නිදහස් පක්ෂයේ ඉන්න නාකි ටික පන්නලා..ඔක්කොම පන්නන්න එපා.. අපිත් නාකිනේ…හොඳ නාකියෝ තියාගෙන අනිත් අය පන්නලා තරුණ තරුණියෝ පක්ෂයට අරගමු.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...