දේශීය පුවත්

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් මවා පෑමට ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ඇති කර ගත් එකඟත්වයක් මත බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස කරන ප්‍රකාශවලට පරස්පර වූ ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේද එම එකඟතාව මත වෙයි.

තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද සජිත් ප්‍රේමදාසට ලබා ගැනීමේ අරමුණින් මෙලෙස අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වුවහොත් මහ මැතිවරණය වන තෙක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීමට ඉඩ ලබා දීමට සජිත් ප්‍රේමදාස එකඟ වී ඇත. මහ මැතිවරණයෙන් පසු තමන්ට කැමැති අග්‍රාමාත්‍යවරයා පත් කර ගැනීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත.

එක්සත් ජතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වුවහොත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහට කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට වික්‍රමසිංහ කටයුතු කර ඇති බව මහලේකම්වරයා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More