දේශීය පුවත්

කෝකිලායි කලපුව ආශ්‍රිතව පවතින මහවැලි එච් කලාපයට අයත් භූමියක් එළි කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභායකදී එම වනය එලි කීරීම් වලක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ( 06) නියෝග කෙරෙණි.

මහවැලි කලාපයට අයත් අක්කර 12000 පමණ ප්‍රදේශයකින් අක්කර 200 පමණ මේ වන විට කිසියම් පිරිසක් විසින් එළිකර තිබෙන අතර මෙම එළි කරීම් සදහා මුලතිව් දිසාපතිවරයා අවසර ලබාදී තිබෙන අතර මේ පිළිබදව කිසිදු අවස්ථාවක මහවැලි අධිකාරියෝ මහවැලි නිළධාරීන් දැනුවත් කර නොතිබිණි.

මෙම වන විනාශ නිසා ප්‍රදේශයේ ජනතාවට විශාල ලෙස පීඩා වන බවත් මෙම වනයේ සිටින වල් අලින් පවා මෙම වනය හෙලි පෙහෙලි කිරීම නිසා ගම් වදින බවත් එම නිසා මෙම ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ගම් වාසීන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අධිකරණයෙන් ඉල්ල සිටින ලදී.

අදාල අධිකරණ නියෝගයෙන් පසුව ලංකා සී වොයිස් වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් චෝදනා කලේ වත්මන් රජයේ මැදිහත්වීමෙන් මෙම ක්‍රියාව සිදුකරන බවයි. මෙය වත්මන් ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ව්‍යාපෘතියක් බවත් එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දක්වන සහ මුදල් වියදම් කරන පුද්ගලයෙකු හට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී තිබෙන බවද ගම්වාසීන් චෝදනා කරන ලදී.

නඩු විභාය ලබන 20 වන දා යලි කැදවීමට තීරණ කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More