දේශීය පුවත්

ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමෙන් බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්බලන්තොට පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

රටේ ආරක්ෂාවට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ අන්තවාදය බවත් ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමෙන් බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

රටේ අන්තවාදයත් ජාතිවාදයත් පරාජයට පත් කළ හැකි එකම දේශපාලන වේදිකාව ජාතික ජන බලවේගය පමණක් බවත් අනුර කුමාර මහතා කියා සිටියේය.

කිසිදු අන්තවාදියෙකුගේ කරේ නොනැඟ ජනතාව ළඟට යා හැකි එකම ව්‍යපාරය ජාතික ජන බලවේගය බවද ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More