දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විවාදයකට පැමිණන ලෙසට පාඨලී චම්පික රණවක හා මංගල සමරවීර යන මහත්වරුන්ට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යළිත් අභියෝග කරයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව මෙසේ ඔහු අදහස් පල කළේය.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ මාධ්‍ය හමු පවත්වමින් පාළු ගෙයි වළං බිඳෙන්නේ නැතුව මා සමග විවාදයකට පැමිණෙන මෙන් ඇමරිකානු ඒජන්තයන් ලෙස කටයුතු කරමින් මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ කුණු හෝදන ලොන්ඩරි බවට පත්වෙලා සිටින මංගල සමරවීර ඇමතිතුමාටත් පා ච රණවක ඇමතිතුමාටත් අභියෝග කළා. තමන් කරන්නේ ඇමෙරිකානු කොන්ත්‍රාත් එකක් නොවේ නම් තමන් පෙනී සිටින්නේ සත්‍යය සහ රට වෙනුවෙන් නම් විවාදයකට එන්නේ නැත්තේ ඇයි?

ඊයේ මංගල සමරවීර ඇමතිතුමා නම් මාධ්‍ය හමුවක මට පිලිතුරක් දෙනවා මම දැක්කා. එතුමා කියනවා මම පිටරටවල වංචා කරලා තියෙන නිසා වනචරයෙක් නිසා මාත් එක්ක විවාද කරන්නේ නැතිලු. මම පිටරටක කිසිම වංචාවක් කරලාත් නෑ. කළ බවට බොරු චෝදනාවක්වත් නැහැ. කිසිම වනචරකමක් ගැන හතුරෙක් වත් චෝදනා නගලා නැහැ. මට 1997 දී මෙරට දී විදේශිකයෙකු ලබා දුන් ඇර්ටනි බලපත්‍රයක් පසුව ඔහු විසින් ලබා නොදුන් බවට 2015 දී ඒ කියන්නේ වසර 18කට පසු පොලීසියට පැමිණිල්ලක් කළා. ඒ විදේශිකයා ශ්‍රී ලංකාවේ උසාවියට පමණක් නොව ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් බොරු කියලා හසු වුණු පුද්ගලයෙකු බව අධිකරණයේදී ඔප්පු වුණා. තමන් මේ නඩුවේදි ද බොරු කියූ බව උසාවියේ දී පිලිගත්තා. කරුණාකර කොළඹ මහාධිකරණයේ 8394/2016 නඩුවේ වාර්තාව අරගෙන කියවන්න. එවිට ඕනෑම කෙනෙකුට සත්‍ය වැටහෙනවා. මා වංචනිකයෙක් වූ බවට වනචරයෙක් වූ බවට පදනම් විරහිත චෝදනා නැගූ මංගල සමරවීර මැතිතුමා මගේ කීර්තිනාමයට කළ හානියට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවනවා. අනිත් අය වගේ මම එන්තරවාසි යවලා නිකන් ඉන්නේ නෑ. අනිවාරරයෙන්ම නඩු පවරනවා. එසේ පැවරූ නඩු වලින් මට වන්දි ගෙවීමට නියම වෙලාද තියෙනවා.

පා ච රණවක ඇමතිතුමා නම් මීක් කියලා ශබ්දයක් නෑ. ගිවිසුම පිළිබඳ අපි කියන්නේ බොරු කියලා කලින් කුංචනාද කලානෙ. ඇයි මේ අභියෝගය භාර නොගන්නේ?

මංගල සමරවීර ඇමතිතුමාටත් පා ච රණවක ඇමතිතුමාටත් හොරකම්, මැරකම් සහ සල්ලාලකම් පිළිබඳ චෝදනා තිබෙනවා. නමුත් මේ විවාදයේදී ඒ කිසිවක් ගැන වචනයක්වත් කතා නොකර මේ විවාදයේ දී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ පමණක් කතා කරන්න මම පොරොන්දු වෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මෙම ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන නිසා, නොවැම්බර් 16 වැනි දින මෙරට ජනතාව කුමන පැත්තටද ඡන්දය දිය යුත්තේ යන්න තීරණය කිරීමේ දී මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන් රට පාවාදීමක් සිදු වෙනවාද නැද්ද දැන ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදාට පෙරාතුව මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් මාසමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්නයැයි මම මංගල සමරවීර අමාත්‍යවරයාට සහ පාච රණවක අමාත්‍යවරයාට නැවත වරක් අභියෝග කරනවා. එසේම ඒ විවාදය මේ ගිවිසුම සම්බන්ධ කරුණු වලට පමණක් සීමා කරන බවට ද අප පොරොන්දු වෙනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More