දේශීය පුවත්

ජාතික හෙළ උරුමය මධ්‍යම කාරක සභික කෝට්ටේ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී ඉහළගමගේ දයාරත්න මහතා ඇතුළු පිරිසක් ”නිවහල් ජාතික හෙළ උරුමය” ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා ඊයේ(07) ලංකා පොදුජන පෙරමුණ හා එක් වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික මන්ත්‍රී ඉහළගමගේ දයාත් මහතා පවසා සිටියේ ජාතික හෙළ උරුමයේ නායකත්වය විසින් මෙවර ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බැවින් තමන් මෙම තීරණය ගත් බවයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ද නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයාට ජාතික හෙළ උරුමයේ නායකත්වය සහාය දැක්වීම රටට හිතකර තීරණයකට සහාය දක්වන්නේ යැයි සිතා තමන්ද ඊට විරුද්ධත්වයක් පල නොකළ නමුත් මේ වන විට වත්මන් ආණ්ඩුව කරගෙන යන අදූරදර්ශී ක්‍රියාපිළිවෙත සහ පක්ෂ නායකත්වය ඊට සහය දැක්වීමට විරුද්ධත්වය දක්වමින් ”නිවහල් ජාතික හෙළ උරුමය” ලෙස රට මේ වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා සිටින එකම විකල්පය වන ගෝඨාභය රජ රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවත් දයාරත්න මහතා පැවසීය .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More