දේශීය පුවත්

තමන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සම්බන්ධව වොක්ෂෝල් වීදියේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය කළ ඉන්දියානුවන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය සතියේදී සේවයෙන් ඉවත් කර ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඔවුන්ව යළි සේවයට බඳවාගෙන ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ඉන්දියානුවන් පිරිසගේ කාර්ය සාධනය ඉතාම අයහපත් මට්ටමක පවතින බව දිගින් දිගටම නිරීක්ෂණය වීම නිසා ඔවුන්ව වහාම ඉවත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබිණි.

එවන් පිරිස රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් එජාපය තුළම මත දෙකක් පළවී ඇත.

එක් පාර්ශ්වයක් මෙය කකුලෙන් ඇදීමක් ලෙස හඳුන්වන අතර අනෙක් පාර්ශ්වය පවසන්නේ සිය ප්‍රචාරණ ව්‍යාපෘතියෙහි සියලුම රහස් දන්නා පිරිසක් අවසන් මොහොතේදී සතුරු පාර්ශ්වය අතට පත්වීම වැළැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඊළඟ සතිය සඳහාත් ඔවුන් සේවයෙහි රඳවා ගත් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More