දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට යන විට ඡන්ද මධ්‍යස්ථානවල තම මුහුණ නොපෙනෙන ආවරණ හෝ නිකාබ් භාවිතයෙන් වළකින ලෙස මැතිවරණ නිලධාරීන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා මැතිවරණ මහලේකම් කාර්යාලයේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටින්නේ ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී සියලුම දෙනා තමන්ගේ අනන්‍යතාව පෙන්වීමට හැකි වන පරිදි සිය මුහුණ පෙනන ආකාරයට ඡන්ද මධ්‍යස්ථානයට යා යුතු බවය.

මුස්ලිම් කාන්තාවන්ට මුහුණු ආවරණ තහනම් නොමැති නමුත්, ඡන්දය භාවිතා කරන හැඳුනුම්පත දරන්නා ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයාම බව සහතික කිරීම සඳහා මෙය අනිවාර්යයෙන් සිදුවිය යුතු විධිමත් ක්‍රමයක් බව ඔහු කියා සිටී.

පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ජීවිත 250ක් බිලිගත් පසු මුස්ලිම් කාන්තාවන් සුළු පිරිසක් මුහුණු ආවරණයක් හෝ නිකාබ් පැළද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම සමාජයේ වඩාත් කතාබහට ලක්වුණි.

එය බහුවාර්ගික ප්‍රජාවන් අතර වැඩෙන අවිශ්වාසය මැඩපැවැත්වීම සඳහාත්, පරීක්ෂාවන් සිදුකරන ආරක්ෂක අංශවලට උපකාර කිරීම සඳහාත්, මුස්ලිම් කාන්තාවන් පැළඳ සිටින නිකාබ් ඇතුළු සියලු ආකාරයේ මුහුණු ආවරණ හදිසි නිතිය යටතේ සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගත්තේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More