දේශීය පුවත්

පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක පිහිටුවීම සඳහා 2011 වසරේදී මුල්ගල තැබිණි.

අක්කර 77ක භූමි භාගයක ක්‍රියාත්මක කෙරුණු එම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 53යි දශම තුනක් වෙයි.

ඒ අනුව පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද්ධ හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය අද විවෘත කරනු ලැබීය.

ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් සමරු ඵලකය විවෘත කළේය.

ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු  ඇති බව පැවසේ.

නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්…

නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්…

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 7. November 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More