දේශීය පුවත්

ජනාධිපතිවරණය නිමාවීමෙන් පසු එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට ක‍්‍රියාකරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර ඇත.  එසේම ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට ද අදහස් කරන බව තානාපති කාර්යාල බලධාරීන් සඳහන් කර තිබේ.

මෙම එම්.සී.සී. ගිවිසුමට කෙටුම්පත්වී ඇති අතර ඊට එම්.සී.සී. ආයතනයේ යුරෝපා සහ ආසියානු කලාපයේ උප සභාපතිනි ෆාතිමා සුවර් මහත්මිය සහ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා අත්සන් කිරීමට නියමිතය.

එම ගිවිසුමින් ඉඩම් සහ ප‍්‍රවාහන යනුවෙන් ව්‍යාපෘති දෙකම යෝජනා කර ඇත. මේ වන විට ප‍්‍රකාශයට පත්ව ඇති එම්.සී.සී. ගිවිසුමේ අංක 12 සහ 13 පිටු නැති අතර, එහි අඩංගු කරුණු හෙළිකර නැත.

ඇමරිකානු තානාපති කාර්යාලය තවදුරටත් පවසන්නේ මෙම ගිවිසුම නිරීක්‍ෂණය කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබී ඇති බවය. මෙම ගිවිසුමෙන් මෙරටට ඩොලර් මිලියන 480 ක ණය ප‍්‍රදානයක් හිමිවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More