විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ පළමු විභාගය එළඹෙන සතියේදී විභාගයට ගැනීමට නියමිත බව කොංග‍්‍රසය නියෝජනය කරන ඩිමෝක‍්‍රටික් සාමාජිකයින් පවසයි.

එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් පළමුව සාක්ෂි ලබාදීමට නියමිතයි. රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් නීති සම්පාදකයින් විසින් මෙම සාක්ෂි විමසීම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි කිසිඳු අවස්ථාවක් සජීවී ලෙස විකාශය නොකිරීමට බලධාරීන් තීරණය කර ඇත.

අමෙරිකාවේ හිටපු උප ජනාධිපති ජෝ බයිඞ්න්ගේ පුත‍්‍රයාට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමට යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට චෝදනා එල්ල වේ. ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක්වන්නේ ද එම චෝදනාව යටතේයි. කෙසේවෙතත් තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැවසියි.

හිටපු උප ජනාධිපති ජෝ බයිඞ්න්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයෙකු ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ද ඉදිරිපත්වීමට නියමිතය.

විදෙස් වාර්තා පවසන පරිදි මෑත කාලීන අමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වී ඇත්තේ අවස්ථා 02 කදී පමණි.

ඒ, හිටපු ජනාධිපතිවරුන් වන ඇන්ඩෲ ජොන්සන්ට සහ බිල් ක්ලින්ටන්ට එරෙහිවය. එහෙත් එම දෝෂාභියෝගයන් 02 කම පරාජයට පත්ව තිබෙනවා. අමෙරිකාවේ හිටපු ජනාධිපති රිචඞ් නික්සන් හටද දෝෂාභියෝග චෝදනා එල්ල වී ඇති අතර එය විභාගයට ගැනීමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණාි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More