පුරවැසි කොලම

හංසයා ලකුණින් තරග කරන සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිබඳව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය තීරණය කරලා තිබෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබාදෙන්න. එම තීරණය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – මීට දින කිහිපයකට පෙර දෙමළ සන්ධානය යෝජනා 13 කින් සමන්විත යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. එම යෝජනා ඉදිරිපත් කළේ සියලූ අපේක්‍ෂකයන් සඳහා. ඒ සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය ප‍්‍රධාන තවත් පක්‍ෂ 4 ක් සම්බන්ධ වී තිබුණා. ඉල්ලීම් 13 ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් සඳහන් කළා ඔවුන්ගේ සහයෝගය හිමිවන්නේ එම ඉල්ලීම් පිළිගන්නා අපේක්‍ෂකයාට බව.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරලා තිබුණා එම අවස්ථාවේදී. නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා ඒ පිළිබඳව වචන මාත‍්‍රයක් සඳහන් නොකර නිහඬව සිටියා. ඒ අතරේ නොවැම්බර් 03 වැනි දින දෙමළ සන්ධානය ප‍්‍රකාශ කළා ඔවුන්ගේ සහයෝගය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදෙන බව.

සජිත් පේ‍්‍රමදාස මහතා දෙමළ සන්ධානයේ ඉල්ලීම් 13 පිළිගෙනද? සජිත් පේ‍්‍රමදාස එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරලා නම් නැහැ.

මේ අවස්ථාවේදී අපි බලන්න ඕනි පසුගිය කාලයේදී දමිළ සන්ධානය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර තිබුණ සම්බන්ධය. මේ ආණ්ඩුව බලයට ගෙනාවේ දෙමළ සන්ධානය සම්බන්ධ වෙලා. 2013 දී සිංගප්පූරු මූලධර්ම කියන ලියැවිල්ල සකස් කිරීම සඳහා මූලිකත්වය ගත්තෙත් දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්. සුමන්තිරන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සඳහා යෝජනා 10 ක් ඉදිරිපත් කළා. එම යෝජනා අතර තිබුණ එක් කාරණයක් තමයි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබිය යුතු කාරණා මොනවාද කියන එක.

පසුගිය ඉරිදා සුමන්තිරන් කළ ප‍්‍රකාශයක් විiුත් මාධ්‍යවල ප‍්‍රචාරය වූවා. එහිදී සුමන්තිරන් ප‍්‍රකාශ කළා සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය කියවා බලා ඒ අනුව ඔහුට සහයෝගය ලබාදීමට තීරණය කළ බව.

එයින් පැහැදිලි වන්නේ කුමක්ද? එයින් පැහැදිලි වනවා සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ දෙමළ සන්ධානයේ ඉල්ලීම් 13 ඉෂ්ට කිරීමට අවශ්‍ය දේ තිබෙන බව.

ප‍්‍රශ්නය – දෙමළ සන්ධානය ඉල්ලපු ඉල්ලීම් 13 මොනවාද?

පිළිතුර – ඉතා භයානක ඉල්ලීම් 13 ක් තමයි ඔවුන් ඉල්ලලා තිබෙන්නේ. එක ඉල්ලීමක් තමයි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං නිර්ණ අයිතිය

ලබාගැනීම. ස්වයං නිර්ණ අයිතිය කියන්නේ වෙන්වීමේ අයිතිය. දෙවැනි භයානක ඉල්ලීම තමයි උතුර සහ නැගෙනහිර රජයේ ඉඩම් නිදහස් කරන්න කියන එක. ඒ කියන්නේ එම පළාත්වල රජයේ ඉඩම් තියෙන්න බැහැ කියන එක. තුන්වැනි යෝජනාව තමයි උතුර සහ නැගෙනහිර සිංහල ජනාවාසකරණය නතර කිරීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම. එම ඉල්ලීම අනුව අම්පාර, වැලිඔය, සේරුවිල යන ප‍්‍රදේශවල සිටින සිංහල ජනතාවත් එම ප‍්‍රදේශවලින් ඉවත් කිරීමට සිද්ධ වෙනවා. ඊළඟ භයානක ඉල්ලීම තමයි මහවැලි සංවර්ධන ක‍්‍රියාවලිය යටතේ උතුර සහ නැගෙනහිර පළාත්වල සිදුකර ඇති සිංහල ජනාවාසකරණය නැවැත්වීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම. මොරගහකන්ද ජලාශයෙන් උතුරට වතුර දෙන්න ඕනි නමුත් සිංහල ජනාවාස බෑ. එපමණක් නොවෙයි පිහිටුවා ඇති ජනාවාසත් ඉවත් කළ යුතුයි. මේ කියන්නේ වවුනියාව, කිළිනොච්චිය යන ප‍්‍රදේශවල සිංහල ජනතාව ඉවත් කරන්න කියන එක තමයි ඊළඟ ඉල්ලීම තමයි පුරාවිiා, වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේතු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරීම. පුරාවිiා දෙපාර්තමේන්තුව යටතේ දෙමළ ජනතාවගේ භූමි නෑ. ඒ ඉඩම් සියල්ලම රජයේ ඉඩම්. මෙම ඉල්ලීමේ තේරුම තමයි උතුර – නැගෙනහිර තිබෙන සියලූම පුරාවස්තු විනාශ කිරීම සඳහා මේ අයට දෙන්න කියන එක. අනෙක් භයානක යෝජනාව තමයි යුද සමයේදී සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසට කරපු යෝජනාව.

මේ වගේ යේජනා මීට පෙරත් කරලා තිබෙනවා. ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර පැවති තිම්පු සාකච්ඡුාවලදීත් උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශ දෙමළ ජනතාවගේ නිජභූමිය ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා. වඩුක්කොඬේ සම්මේලනයේදීත් ඔය යෝජනා ඉදිරිපත් කළා. 1949 සිට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය එම යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා.

එපමණක් නොවෙයි දෙමළ සන්ධානය ඔය යෝජනා මාලාව ඉතා පැහැදිලිව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහාත් ඉදිරිපත් කරලා තිබෙනවා.

ප‍්‍රශ්නය – සජිත් පේ‍්‍රමදාස මහතා ඔය යෝජනා පිළිගෙන තිබෙන බව ප‍්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද?

පිළිතුර – සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ 15 සහ 16 යන පිටුවල සඳහන් ජනතාවගේ ව්‍යවස්ථාව යන කොටසේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් සඳහා ඉදිරිපත් කළ යෝජනා මාලාවේ තිබුණේ භයානක යෝජනා.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටියා දෙමළ සන්ධානය සමග කතා කරලා එන්න කියලා. ඒ අනුව ඔහු දෙමළ සන්ධානය සමග සාකච්ඡුා කළා. නමුත් කතා කළේ මොනවද කියල කිව්වේ නෑ. ඔවුන් සමග එකඟතාවට ආපු නිසා තමයි සජිත් මහතාට නාමයෝජනා ලබාදුන්නේ.

සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කරලා තිබෙනවා ඔහු පූර්ණ ලෙස බලය බෙදීමට එකඟ බව. නමුත් පූර්ණ බලය බෙදීම කියන්නේ කුමක්ද කියලා කොහේවත් පැහැදිලි කරලා නෑ. පූර්ණ බලය බෙදනවා කියන්නේ ඉල්ලන ඉල්ලීම් ටික දෙනවා කියන එක තමයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුව 2003 දී පමණ උතුර සහ නැගෙනහිර පළාත් දෙකකට වෙන් කළා. නමුත් ඊට පසුව 2006 දී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළා උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා යෝජනාවක් ගෙන ආවොත් ඒ සඳහා එ. ජා. පක්‍ෂයේ සහයෝගය ලබාදෙන බව. ඒ අනුව පැහැදිලි වනවා උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම එ. ජා. පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය වන බව.

සජිත් පේ‍්‍රමදාස මහතාට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අපේක්‍ෂකත්වය ලබාදුන් අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා අලූත් ආණ්ඩුවේ පළමු කාරණය ලෙස හය මාසයක් තුළ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන එන බව. දෙවැනි කාරණය තමයි සජිත් මහතාගේ නායකත්වය යටතේ මගේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරන බවට රනිල් මහතා කළ ප‍්‍රකාශය. එම න්‍යාය පත‍්‍රයේ පළමු කාරණය තමයි උතුරට සහ නැගෙනහිරට ස්වාධීන පාලනයක් ලබාදෙන විධියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන එක. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඊට අවශ්‍ය දේ තිබෙනවා. එහි තිබෙනවා නව පාර්ලිමේන්තුව විසින් අරම්භ කරන ලද අග‍්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය මත විධායක ජනාධිපති ධුරයේ ක‍්‍රියාකාරීත්වය අහෝසි කිරීම පිළිබඳව. එම ධුරය අහෝසි කළ ගමන් දෙමළ සන්ධානයේ ඉල්ලීම් ටික ලැබෙනවා. ඒ වගේම බලය බෙදීමේ ක‍්‍රියාවලිය ප‍්‍රමාදයකින් තොරව අවසන් කරන බවත් එහි තිබෙනවා. ඒ වගේම මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තවදුරටත් සඳහන් කරලා තිබෙනවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්කරන ලද ස්වාධීන රජයේ අභිචෝදකයකු බිහිකරන බව. ඒ කියන්නේ උතුර සහ නැගෙනහිරට වෙනම ඇටෝර්නි ජනරාල් කෙනකු දෙනවා කියන එක තමයි. ඊළඟට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ අර්ථ නිරූපණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයට යොමු කරන බව සඳහන් කරලා තිබෙනවා. එමඟින් පළාත් අතර ආරවුල් නිශ්චය කරන බවත් එහි සඳහන් කරලා තිබෙනවා. මේ කියන්නේ වෙනම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවනවා කියන එක තමයි. නොබෙදුණු සහ වෙන් කළ නොහැකි ශ‍්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදාහැරීමක් කරන බවත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මුල් වූ අය සඳහන් කළා අපට ලේබල් වැඩක් නොමැති බවත් අවශ්‍ය වන්නේ ක‍්‍රියාකාරීත්වය පමණක් වන බවත්. එහි හරය තමයි බලය දෙනවා නමුත් ඒකීය යන වචනය යොදනවා. නමුත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඒකීය රටක් ගැන කිව්වත් ඒකීය රාජ්‍යයක් පිළිබඳව සඳහන් වන්නේ නැහැ.

ඒ වගේම මොවුන් සිංහලෙන් ඒකීය යන වචනය යෙදුවත් දෙමළ පිටපතට යොදන්නේ ඔරුමිත්තනාඩු යන වචනය. ඔරුමිත්තනාඩු කියන්නේ එක්සත් කියන එක මිස ඒකීය කියන එක නෙවෙයි. සම්බන්ධන් 2016 දී අපට ලේබල් වැදගත් නොවන බව සඳහන් කරලා තිබෙනවා. සම්බන්ධන් කියලා තිබෙනවා එක්සත් නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක් තුළ නව ව්‍යවස්ථාව සකස් කරන බව. එම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව මහ ආණ්ඩුව ආරක්‍ෂාව, විදේශ කටයුතු, එක් මුදල් ඒකකයක්, එක් විදේශ ගමන් බලපත‍්‍රයක් පමණක් ඉතිරි කර අනෙක් සියලූ බලතල ඔවුන්ට අවශ්‍ය බව ප‍්‍රකාශ කරලා තිබෙනවා. පූර්ණ බලය බෙදීම කියන්නේ ඒක තමයි. ඔය ටික දුන්නට පස්සේ උතුර සහ නැගෙනහිරින් සිංහලයන් එලවන එක ප‍්‍රශ්නයක් නොවෙයි. ඒ වගේම පුරාවස්තු ටික විනාශ කරන එකත් ප‍්‍රශ්නයක් නෙවෙයි.

මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පළාත් සභා නියෝජිතයන්ගෙන් සමන්විත දෙවැනි සභාවක් හෙවත් සෙනට් සභාවක් පිහිටුවන බවත් සඳහන් වෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සකසපු යෝජනා මාලාවෙන් සෙනට් සභාවක් පිළිබඳව සඳහන් වෙනවා. ඉල්ලන ඒවාටත් වඩා දෙන්න තමයි මේ සූදානම් කරලා තිබෙන්නේ. මුදල් රැුස්කිරීමේ බලයත්, බෙදාහරින ලද බලය ක‍්‍රියාත්මක කිරීමේ බලයත් ලබාදෙන බවත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබෙනවා. දැන් පළාත් සභාවලට මුදල් බලතල නෑ. එම බලතල තිබෙන්නේ මහ ආණ්ඩුවට පමණයි. ඒ වගේම රජයේ නිලධාරීන් ආණ්ඩුවේ කටයුතු සහ පළාත් සභාවල කටයුතු කරන බවත් සඳහන් කරලා තිබෙනවා. එතකොට හැඳුනුම්පත හදන්න, පාස්පෝට් එක හදන්න එතනට දෙන්න පුළුවන්. මෙම යෝජනාවල ත‍්‍රිවිධ හමුදාව පිළිබඳව සඳහන් කළත් පොලිසිය පිළිබඳව සඳහන් කරලා නෑ. එයින් පැහැදිලි වෙනවා පොලිස් බලතලය ලබාදෙන බව.

පොලිස්, ඉඩම් සහ මුදල් ලැබුණට පසු බිහිවන්නේ වෙනම රටක් තමයි. මේ අනුව පැහැදිලි වනවා සජිත් පේ‍්‍රමදාස මහතා දෙමළ සන්ධානයේ ඉල්ලීම් 13 ලබාදීමට එකඟ වී ඇති බව. එම නිසා තමයි දෙමළ සන්ධානය ඔහුට සහයෝගය ලබාදීමට තීරණය කරලා තිබෙන්නේ.

මේ කියන්කේ සජිත් දිනුවොත් ශී‍්‍ර ලංකාව තවදුරටත් රටක් වශයෙන් පවතින්නේ නැහැ කියන එක තමයි. ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ දේවල් රනිල් සහ සජිත් එකතු වෙලා දෙනවා.

උතුර සහ නැගෙනහිර ජල විදුලිය උපදවන්න බෑ. ඒ වගේම එම ප‍්‍රදේශවල ජලය නැහැ. ගංගාවක් හරවල තමයි එම ප‍්‍රදේශයට ජලය දෙන්නේ. එම පසුබිම තුළ සජිත් මහතාගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළහොත් ඇති වන්නේ එළදෙනගේ කිරි තිබෙන ප‍්‍රදේශය ඔවුන්ට දීලා තණකොළ කැවීම අපි භාරගත්ත වගේ වැඩක්. ඒ කියන්නේ මෙම ප‍්‍රදේශවල වියදමින් උතුර සහ නැගෙනහිර වෙනම රටක් ලෙස පාලනය වනවා. එම ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙන්කර ගන්නවාට වඩා එම තත්ත්වය ඔවුන්ට වාසිදායකයි.

එරික් ගාමිණී ජිනප්‍රිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More