අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග යටතේ සිදුකළ ඉල්ලීමකට අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර ඇත.
අද (07) කථානායක ගරු කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද පැවැත්වුණු කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමට නියමිතව ඇති අතර නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා එදිනට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...