ව්‍යාපාරික පුවත්

පාස්කු ප්‍රහාර මාලාව හමුවේ දරුණු කඩාවැටීමකට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යහපත් අතරට හැරෙමින් පවතින බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2019 ඔක්තෝබර් මාසයේ සංචාරක පැමිණීමේ සංඛ්‍යාලේඛනවලට අනුව වාර්ෂික පදනම මත ඔක්තෝබර් මාසයේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම 22.5%කින් පහළ ගොස් ඇති අතර මෙය පසුගිය මැයි මාසයේ දී දක්නට ලැබුණු 70%ක පහළ යාම හා සැසඳීමේ දී ක්‍රමික වර්ධනයකි.

මේ අනුව වසරේ මුල් මාස 10 තුළ දී මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,495,055 කි. මෙය 2018 මුල් මාස 10 හි අගය වූ 1,885,045 හා සැසඳීමේ දී 20.7% ක පහළ යාමක් වේ.

2019 සැප්තැම්බර් මාසයේ දී පැමිණි 108,575 ක සංචාරකයින් ප්‍රමාණය හා සැඳීමේ දී ඔක්තෝබර් මාසයේ දී එම ප්‍රමාණය 9.36%කින් වර්ධනය වී ඇත.

2019 ඔක්තෝබර් මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එය 33,217ක් ලෙසින් වාර්තා වන අතර දෙවැනියට 11,683 ක සංචාරකයින් සංඛ්‍යාවක් චීනයෙන් පැමිණ තිබේ.

සමස්තයක් ලෙසින් ගත් කළ වසරේ මුල් මාස 10 තුළ දී පැමිණ තිබෙන ඉන්දියානුවන් ගණන 19.1% කින් ද, එක්සත් රජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 21.2% කින් ද, චීන සංචාරකයින් සංඛ්‍යාව 40%කින් ද පහළ ගොස් ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More