දේශීය පුවත්

රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවට ජනාධිපතිධුර අපේකෂකයින් පොරොන්දු ලබාදුන්නද රටේ ප්‍රතිපත්තිය වියයුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට අද(07) එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා පවසා සිටියේ, මේ දිනවල රටේ මැතිවරණයක් පවතින වේලාවක් බවයි.

මැතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයින් ජනතාවට රසායානික පොහොර නොමිලේ දෙන බවට පොරොන්දු ලබා දෙන බව තමාට ඇසුන බවද මෙහිදී ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වෙතත් පොහොර නොමිලේ ලබාදෙන මැතිවරණ පොරොන්දු වලට තමන් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.

රසායනික පොහොරවලින් බැහැර වී කාබනික පොහොර කෘෂිකර්මාන්තයට පාවිච්චි කිරීමේ ප්‍රතිපත්තියකට යා යුතු බව තමාගේ දර්ශනය වන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රසායනික පොහොර භාවිතා කරන ලෝකයේ රටවල් මොනවාදැයි ප්‍රශ්න කර සිටි ජනාධිපතිවරයා, ගොවීන්ට නොමිලේ ලබා දීමට රසායානික පොහොර පිටරටින් ගෙන්වන්නේ නම් ඒ එක්කම වකුගඩු නැව්වලින් ගෙන්විය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රසායනික පොහොර රටවල්වලින් ගෙන්වද්දි වකුගඩුත් ගෙන්වන එක හොඳයි – ජනපති

රසායනික පොහොර රටවල්වලින් ගෙන්වද්දි වකුගඩුත් ගෙන්වන එක හොඳයි – ජනපති

Gepostet von Ada Derana Sinhala am Mittwoch, 6. November 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More